සෞදියේ ගෘහස්ත කම්කරුවන්ට වැඩි අයිතිවාසිකම්

දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි
Published

දශ ලක්ෂ සංඛ්‍යාත විදේශීය ගෘහස්ත කම්කරුවන්ට වැඩි අයිතිවාසිකම් ලබාදීම අරමුණු කොටගෙන සෞදි අරාබිය නව නීති හඳුන්වා දී තිබේ.

ඒ අනුව හාම්පුතුන් සේවකයන්ට සමස්ත වැටුප ගෙවිය යුතු අතර සෑම සතියක් පාසා, දිනක නිවාඩුවක් ලබා දිය යුතුයි.

දිනකට අඩුම වශයෙන් පැය නවයක්, වැඩ නොගෙන සිටිය යුතු බවද එහි දැක්වෙයි.

'කීකරුව සිටිය යුතු'

එසේ වෙතත්, සංක්‍රමණික කම්කරුවන් හාම්පුතුන්ට කීකරුව සිටිය යුතු අතර වලංගු හේතුවක් නොමැතිව වැඩ ප්‍රතික්ෂේප කිරීම හෝ සේවය හැර යාම නොකළ යුතු බවයි අවධාරණය කොට ඇත්තේ.

ඉස්ලාම් ආගමට ගරු කිරීමද නීතියෙන් පැවරෙන නියමයක්.

සේවකයා හෝ සේව්‍යයා මේ රෙගුලාසි උල්ලංඝනය කළහොත් දඩ පැනවිය හැකියි.

හාම්පුතුන් අතින් ශාරීරික, ලිංගික හෝ මානසික පීඩාවට පත් වන විදේශීය ගෘහ සේවිකාවන් බොහෝ සිටින බවයි වාර්තා වන්නේ.