ශාරුක් ඛාන්ගේ දරු උපත ගැන ආන්දෝලනයක්

Sharukh Khan
ඡායාරූප ශීර්ෂ වැකිය, උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම්
Published

තම බිරිඳ පිරිමි දරුවකු ප්‍රසූත කිරීමට නියමිත බව තමා දන්නේ යැයි ඉන්දීය සුපිරි සිනමා තරු ශාරුක් ඛාන් කරන ලද ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉන්දීය වෛද්‍ය සංගමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

ශාරුක් ඛාන් ට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමිනුයි ඔහු එලෙස පැවසූ බව මෑතකදී පලවූ ඉන්දියානු මාධ්‍ය පවසන්නේ.

ගැහැණු දරු කළලයන් විනාශකිරීම නැවතීමේ අරමුණින් උපදින්නට සිටින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කිරීම ඉන්දියානු නීතිය මගින් තහනම්.

කෙසේවුවද, ඛාන් යුවල දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව හෝ ඔවුන් දරුවෙක් අපේක්ෂාවෙන් සිටින බව හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැති බවයි වාර්තාවන්නේ.