යේමන ජාතිකයන් පිරිසකට සවුදි අරාබියේදී මරණ දඬුවම

Beheading
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ අවුරුද්ද තුළ අවම වශයෙන් 46 දෙනකු හට සෞදි අරාබිය විසින් මරණීය දඬුවම පමුණුවා තිබේ
Published

සවුදි අරාබිය විසින් යේමන ජාතිකයින් පස් දෙනකුගේ හිස ගසා මරා දමා තිබේ.

අපරාධකාරී සමූහයක් ලෙසින් හොරකමේ නියැලීමේ වරදටයි මේ පස් දෙනා හට මරණීය දඬුවම පණවා තිබෙන්නේ.

නිරිත දිග ජිසාන් නගරයේදී මරණීය දඬුවම ක්‍රියාත්මක කරනු ලැබූ අතර මළ සිරුරු මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබිණ.

මේ අවුරුද්ද තුළ අවම වශයෙන් හතළිස් හය දෙනකු හට සෞදි අරාබිය විසින් මරණීය දඬුවම පමුණුවා තිබේ.

මරණීය දඬුවම නියම කෙරෙන පිරිස ඉහල යන බැවින් හිස ගසා දැමීම වෙනුවට වෙඩි තැබීමෙන් වැරදිකරුවන් මරා දැමිය යුතුද යන්න පිළිබඳව සෞදි අරාබියනු ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ.

හිස ගසා දැමීම මනාව ප්‍රගුණ කල ගහලයින්ගේ හිඟයක් ඇතැයි වාර්තා වී තිබේ.