ඉන්දීය සිනමා කර්මාන්තයට අවුරුදු සියයක්

ඉන්දියාවේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන රාජ හරිශ්චන්ද්‍ර
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන රාජ හරිශ්චන්ද්‍ර
Published

ඉන්දියාව සිය සිනමා කර්මාන්තයට අවුරුදු සියයක් සම්පුර්ණ වීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කළා .

ඉන්දියාවේ පළමු වෘතාන්ත චිත්‍රපටය වන 'රාජ හරිශ්චන්ද්‍ර' ප්‍රදර්ශනය කෙරුනේ 1913 දී.

චිත්තාකර්ෂණීය දර්ශන ඇතුළත් අද්භූත කතන්දරයක් පාදක කොට ගත්, 'රාජ හරිශ්චන්ද්‍ර' චිත්‍රපටයේ කාන්තා චරිතවලට පණ දෙන ලද්දේ ස්ත්‍රී විලාසිතාවන්ගෙන් සැරසුන නළුවන් විසින්.

වසරකට චිත්‍රපට දහසක්

මේ වනවිට ඉන්දියාව තුළ විවිධ භාෂාවන්ගෙන් වසරකට නිමැවෙන චිත්‍රපට සංඛ්‍යාව දහසකට වැඩියි. මේ අනුව ලෝකයේ දැවැන්තම සිනමා කර්මාන්තය සහිත රට ඉන්දියාවයි.

මුම්බායි නගරයේ, බොලිවුඩ් සිනමාවේ නියමුවන් සිය සියවස් සිනමා සමරුව සිහියට කැඳවනු ලැබ තිබෙන්නේ, වසර සියයක රසවත් චිත්‍රපට ඉතිහාසය යළි මතකයේ හැඩ කෙරෙන සිනමා නිර්මාණ කීපයක් දොරට වැඩමවීමෙන්.

1913 දී ප්‍රදර්ශනය කෙරුණ 'රාජ හරිශ්චන්ද්‍ර' , දෙබස් සහ සංගීතයෙන් තොර නිහඬ චිත්‍රපටයක්.