
ඉන්දියාව පුරා උද්ඝෝෂණ වලට තුඩු දෙමින්, ඉකුත් මාසයේ තරුණියක් බස් රියකදී දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් පොලිසිය පස් දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.
අත් අඩංගුවේ පසුවන චුදිතයන්ගේ ආරක්ෂාව සදහා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීමට බලධාරීන් තීරණය කර තිබිණ.
එහෙත් මෙම නඩුවේදී වරද කරුවන් වුවහොත් ඔවුනට මරණීය දණ්ඩනය ට මුහුණ දීමට සිදුවනු ඇත.
තවත් චුදිතයකුගේ වයස වෛද්‍ය පරීක්ෂණයකින් සහතික කර ගන්නා තුරු ඔහුට එරෙහිව නඩු පැවරීම කල් දැමීමට තීරණය කර ඇති බව ඉන්දීය පොලීසිය ප්‍රකාශ කර තිබේ.
මේ සති අගදී සාක්ෂි විමසීම අරඹන නඩු විභාගය සීග්රගාමීව සිදු කිරීමට අධිකරණ බලධාරීන් තීරණය කර ඇත.
කාන්තාවන්ට එරෙහි ලිංගික අඩන්තේට්ටම් වලට බොහෝ විට දඬුවම් නොකැරෙන ඉන්දියාවේ තරුණ වෛද්‍ය ශිෂ්‍යාවට එරෙහි මෙම ප්‍රහාරය, රට තුළ මෙන්ම විදේශයන්හි කෝපාන්විත ප්‍රතිචාර වලට මඟ පෑදූ සිද්ධියක් බවට පත් විය.












