කේබල් කාරයක සිරවු පාසල් ළමුන් බේරාගත් කමාන්ඩෝ මෙහෙයුම

Published

පකිස්ථානයේ මිටියාවතක කේබල් කාර් රථයක සිරවී සිටි ළමුන් පිරිස ආරක්ෂිතව බේරා ගැනීමට කමාන්ඩෝ භටයින් ඇතුළු එරට ආරක්ෂක අංශවලට හැකිවිය.

පාසල් සිසුන් හය දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බට්ටග්‍රම් හි මීටර් 274 ක් (අඩි 900) උසින් ගමන් ගත් කේබල් කාර් රථයක සිරවී සිටියේ එහි කේබලයක් කැඩී යාම හේතුවෙනි.

ළමුන් පාසලට යමින් සිටියදී (අගෝස්තු 22 වැනිදා) එරට වේලාවෙන් පෙරවරු 7 ට පමණ කේබල් කැඩී ගොස් තිබුණි.