උසේන් බෝල්ට් නිවුන් දරුවන් ගැන අනාවරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තමන් නිවුන් පුතුන් දෙදෙනෙකුගේ පියෙකු වූ බව, ලෝක වාර්තා පිහිටවූ ධාවන ශූර උසේන් බෝල්ට් හෙළිදරව් කළේය.
34 හැවිරිදි උසේන් බෝල්ට් ලෝක පියවරුන්ගේ දිනයේ දී මේ පුවත ලොවට හෙළිකළේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ය.
අලුත උපන් පුතුන් දෙදෙනාට තන්ඩර් බෝල්ට් (Thunder Bolt) සහ සේන්ට් ලියෝ බෝල්ට් (Saint Leo Bolt) යනුවෙන් නම් තබා ඇත.
මේ ඔලිම්පික් ශුරයා තම සහකාරිය වන කසී බෙනට් (Kasi Bennett) සමඟ අලුත උපන් නිවුන් පුතුන් දෙදෙනා සහ වසරක් වයසැති දියණිය (Olympia Lightning) පෙනී සිටින ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර තිබුණි.
උපත ලැබුවේ කවදා ද?
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post

කෙසේ නමුත් මේ පුතුන් දෙදෙනා උපත ලැබුවේ කවදා ද යන්න තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත.
සිය දරුවන් දෙදෙනා සමඟ තමන් පෙනී සිටින ඡායාරූපයක් කසී බෙනට් විසින් ද සමාජ මාධ්‍යයට මුදා හැර ඇත. එහි සඳහන් කර තිබුණේ උසේන් බෝල්ට් ඉතා හොඳ පියෙකු බවය.
උසේන් බෝල්ට් ගේ දියණිය වන ඔලිම්පියා ලයිට්නිං උපත ලැබුවේ 2020 වසරේ මැයි මාසයේදී ය. නමුත් එම පුවත ලොවට හෙළිදරව් කළේ දියණියගේ උපත සිදුවී මාස දෙකකට පසුවය.
ඒ කෙසේ වෙතත් තම බිරිඳ ගැබ් ගෙන ඇති බව ඔලිම්පියා ඉපදීමට පෙර, සමාජ මාධ්‍යය ඔස්සේ උසේන් තම රසිකයන්ට දැනුම් දී තිබිණි.
නමුත් මෙවර තම බිරිඳ ගැබිනියක වී සිටින බවක් මේ නිවුන් දරුවන් ඉපදීමට පෙර රසිකයන්ට හෙළිකර නොතිබිණි.
'... එකම මිනිසා'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉතිහාසයේ වේගවත්ම මිනිස් ධාවකයා ලෙස තවමත් කිරුළ පළඳින්නේ උසේන් බෝල්ට් ය. 2017 දී මලලක්‍රීඩා වලින් සමු ගත්ත ද මීටර 100 සහ මීටර 200 කෙටි දුර ධාවනය සඳහා ඔහු තැබූ ලෝක වාර්තාව බිඳ දැමීමට තවමත් කිසිවෙකු සමත්වී නොමැත.
එමෙන්ම, මීටර් 100 කෙටි දුර දිවීම වෙනුවෙන් තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කම සහ තවත් ප්‍රධාන රන් පදක්කම් 23ක් දිනාගත් එකම මිනිසා ඔහුය.
මලල ක්‍රීඩාවලට සමු දීමෙන් අනතුරුව ඔහු වෘත්තීය මට්ටමින් පාපන්දු ක්‍රීඩාවේ නියැලීමට උත්සාහ කළ නමුත් තමන් සම්පුර්ණයෙන් ම ක්‍රීඩා දිවියෙන් ඉවත් වන බව 2019 වසරේදී නිවේදනය කළේය.
දරුවන්ට අමුතු නමක්
ලෝක ප්‍රකට පුද්ගලයන් අතරින් තමන්ගේ දරුවන්ට අලුත් ආකාරයේ නම් යෙදීමට පෙළඹුණු පළමු වැන්නා උසේන් බෝල්ට් නොවේ.
2013 වසරේ දී කිම් කර්ඩාශියන් සහ කාන්යේ වෙස්ට් යුවල සිය දරුවාට North West යන නම යෙදීම පිළිබඳව පුවත් ශීර්ෂ පාඨ නිර්මාණය විය.
ලෝක ප්‍රකට සංගීතඥයෙකු වන ජර්මේන් ජැක්සන් (Jermaine Jackson) සිය පුත්‍රයාට Jermajesty යන නම තැබීම පිළිබඳව ද බොහෝ දෙනාගේ කතා බහට ලක්විය. දැන් ජර්මැජෙස්ටි ගේ වයස අවුරුදු විස්සකි.
90 දශකයේ ජනප්‍රියත්වයට පත් වූ Northern Exposure නමැති රූපවාහිනි කතා මාලාවේ රඟ දැක්වූ ප්‍රසිද්ධ නළු Rob Morrow සිය දියණිය නම් කළේ Tu Morrow යනුවෙනි. ටු මෝරෝ දැන් ප්‍රසිද්ධ නිළියකි.































