ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ කෝවිඩ්-19 අර්බුදය: දිල්ලි රෝහල්වල ඔක්සිජන්, ඖෂධ සහ ඇඳන්වල දැඩි හිඟයක්
ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතිද්දී උපකාර ඉල්ලා රජයේ සහ පුද්ගලික අංශයේ රෝහල් වෙත පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ.
දිල්ලි නුවර ඇඳන් තිහකින් සමන්විත 'පෙන්ටාමෙඩ්' රෝහල සහ ඊට වඩා බෙහෙවින් විශාල 'ලෝක් නායක්' රෝහල පිටත උදව් ඉල්ලා පැමිණෙන රෝගීන්ගේ පෝලිම් දැකිය හැක.
අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් හිඟය හමුවේ කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පැය ගණනාවක් රැඳී සිටීමට සිදුව ඇත. ඒ අතර ඔක්සිජන් රැගෙන එන ලෙස රෝගීන්ගේ ඥාතීන් වෙත දන්වනු ලබන අතර එම සිලින්ඩර පුරවා ගැනීම සඳහා ඇතැමෙකුට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
ඉන්දියාව වෙත අඟහරුවාදා (අප්‍රේල් 27) ජාත්‍යන්තර ඖෂධ සැපයුම් ළඟා වුණ ද එරට සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇත. තවදුරටත් රෝගීන්ගේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවට වෛද්‍යවරු බිය පළ කරති.
මේ ගැනත් කියවන්න: