බැංගලෝර්හි රියැදුරන්ගේ වැරදි අඩු කරන්න පොලිස් 'අනුරූ'

Traffic police mannequin

ඡායාරූප මූලාශ්‍රය, Asif Saud

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

වැරදි ලෙස රිය ධාවනයේ යෙදෙන රියැදුරන් පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික නොවන විසඳුමක් ඉන්දියාවේ වඩාත් ම රථවාහන තදබදයක් සහිත නගරවලින් එකක් වන බැංගලෝර් නගරය ඉදිරිපත් කර තිබේ.

එහිදී සිදුකර ඇත්තේ, රථවාහන පොලිස් නිලධාරීන් ලෙස පෙනෙන පරිදි ඇදුම් අන්දවා සකස් කළ ආකෘති බැංගලෝර් නගරයේ මාර්ගවල තැබීමය.

පොලිස් හිස් වැසුම්, සුදු කමිස සහ දුඹුරු පැහැති කලිසම් ඇද අව්කණ්ණාඩි පැළදි පොලිස් නිලධාරීන්ගේ ආකෘති මේ වන විට බැංගලෝර්හි අධික තදබදය සහිත මාර්ගවල රාජකාරියේ නිරතව සිටී.

රියැදුරන් එම 'අනුරූ' සැබෑ පොලිස් නිලධාරීන් ලෙස සිතා මාර්ග නීති උල්ලංඝණය කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි මෙමගින් අපේක්ෂිතය.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණික කර්මාන්තය සදහා වෙන් වූ බැංගලෝර් නගරයේ මාර්ගවල ලියාපදිංචි වාහන මිලියන 8ක් ධාවනයේ යෙදේ. 2022 වසර වන විට මෙම සංඛ්‍යාව මිලියන 10ක් ඉක්මවා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

MovinSync Technology Solutions ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව බැංගලෝර්හි රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 18.7කි. එය දෙවෙනි වන්නේ, ඉන්දියාවේ වඩාත් ම මන්දගාමී රථවාහන ගමනාගමනයක් සහිත මුම්බායි නගරයට (පැයට කි.මී. 18.5) පමණි. බැංගලෝර්හි මංසන්ධිවල සවි කර ඇති කැමරාවල සෑම දිනක ම රථවාහන නීති උල්ලංඝණය කිරීම් 20000කට අධික සංඛ්‍යාවක් සටහන් වේ.

කෙසේ වෙතත්, සැබෑ පොලිස් නිලධාරීන් වෙනුවට අනුරූ යෙදීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්වන්නේ ද යන්න පිළිබදව මගීන් තුළ පවතින්නේ මිශ්‍ර අදහස්ය.

ඇතැමුන් විශ්වාස කරන්නේ එය සාර්ථක වනු ඇති බවය.

"ඒවා හොදින් තියෙනවා. ළගට ගිහින් බැලුවොත් විතරයි පේන්නේ ඔවුන් සැබෑ පොලිස් නිලධාරීන් නොවෙන බව. ඒ නිසා යතුරු පැදිකරුවන් හෙල්මට් දාගෙන යනවා ඒ තැන්වලදී," ශිෂ්‍යයෙකු වන ගෞතම් ටී පවසයි.

ගෞතම් සහ ඔහුගේ මිතුරා වන තලාහ් ෆසාල් පොලිස් අනුරුවක් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළහ.

Asif Saud

ඡායාරූප මූලාශ්‍රය, Asif Saud

මේ අතර, සරවනා නම් වූ ත්‍රිරෝද රථ රියැදුරෙකු සිය රථය, පොලිස් අනුරුවක් ආසන්නයේම වූ 'වාහන නතර කිරීම තහනම්' බව පැවසෙන සංඥා පුවරුවක් ආසන්නයේ නතර කර තිබිණි. ඔහු පැවසුවේ, "ආලෝක සංඥා මග හැර ධාවනය කළ නොහැකි හෙයින් රිය නැවැත්වූ," බවය.

කෙසේ වෙතත්, ට්විටර් සමාජ මාධ්‍යයේ මෙය සමච්චලයට ලක් කර තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

මහජන සම්බන්ධතා වෘත්තියවේදිනියක වන සලීලා කප්පන් පැවසුවේ, මෙම සංකල්පය "හාස්‍යජනක" බවය.

"මාර්ගවල ඉන්න සැබෑ පොලිස් නිලධාරීන්ට වඩා මේ ආකෘති වැඩි කඩවසම්බවකින් හා පැහැපත් බවකින් යුතු බවයි පේන්නේ. ඇත්ත පොලිස් නිලධාරීන් ඉන්න වෙලාවටත් රියැදුරන් මාර්ග නීති කඩනවා. ඒ නිසා මේ වැඩෙන් ඵලක් වෙයි කියල මම නම් හිතන්නේ නෑ."

Traffic police mannequin

ඡායාරූප මූලාශ්‍රය, Asif Saud

මෙම නව ක්‍රියාන්විතය ආරම්භ කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කළ බැංගලෝර්හි ජ්‍යෙෂ්ඨ රථවාහන පොලිස් නිලධාරියෙකු වන රවිකාන්ත් ගවුඩා පැවසුවේ, "මංසන්ධිවල පොලිස් නිලධාරීන් ඉන්න වෙලාවට හැසිරෙන විදිහට නෙවෙයි රියැදුරන් ඔවුන් නැති වෙලාවට හැසිරෙන්නේ. ඒ නිසා තමයි මේ අදහස අත්හදා බලන්න තීරණය කළ," යනුවෙනි.

මේ අතර, නම හෙළි කිරීමට අකමැති පොලිස් කොස්තාපල්වරයෙකු පැවසුවේ, ඇතැම් විට පොලිසිය ද රියැදුරන් ව්‍යාකූලත්වයට පත් කරන බවය.

"මේ ආකෘති මාර්ගවලට යොදලා දැන් සති දෙකක් වෙනවා. ඒ හරහා ආලෝක සංඥා නීති කැඩීමට රියැදුරන් යම් බියක් දක්වනවා. ඒත්, ඇත්ත පොලිස් නිලධාරියෙක් එක්ක ආකෘතියක් තිබ්බා ම රියැදුරන් ව්‍යාකූලත්වයට පත් වෙනවා."

තවදුරටත් කියවන්න.