අහසට පෙනෙන දුප්පත් - පොහොසත්කම

Published

ඩ්‍රෝන් (Drone) යානා උපයෝගී කරගන්නා ඡායාරූප ශිල්පියෙකු වන ජොනී මිලර් විසින් දකුණු අප්‍රිකාව, මෙක්සිකෝ හා ඉන්දියාවේදී ගන්නා ලද ගුවන් ඡායාරූප පෙළකින්, අදාළ නගරවල දුප්පත් හා පොහොසත් වශයෙන් ඇති බෙදීම ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

Santa Fe, Mexico City.
ඡායාරූප ශීර්ෂ වැකිය, සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි

අසමානතාව සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති පිළිගැනීමට අභියෝගයක් වීම සඳහා මිලර් විසින් 2016 අරඹන ලද Unequal Scenes නම්වූ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මේ ඡායාරූප ගොන්න සැලකේ.

"කේප් ටවුන් වෙත ගොඩ බට සැණින් කුඩා පැල්පත් ඔබව වටකරගෙන ඇති බව පෙනෙනවා" යැයි දකුණු අප්‍රිකාවේ සිටින ඡායාරූප ශිල්පී මිලර් පවසයි.

"ගුවන් තොටුපොළ වටකොට තිබෙන තහඩු පැල්පත් පහුකරලා යන්න ඔබට විනාඩි 10 වත් යනවා, ඉන් පසුවයි වරප්‍රසාද ලත් මිනිසුන් (මා ද ඇතුළුව) ජීවත්වන වඩා සමෘද්ධිමත් ප්‍රදේශවලට ළඟාවෙන්න හැකිවෙන්නේ" ඔහු කියා සිටී.

Vukuzenzele, Sweet Home, Cape Town.
ඡායාරූප ශීර්ෂ වැකිය, වුකුසෙන්සෙලේ, ස්වීට් හෝම්, කේප් ටවුන්

"මේකයි දැන් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල තිබෙන තත්ත්වය. ලෝකයේ බොහෝ තැන්වල ස්වභාවය. නමුත් එක ම තමයි මමත් එකඟ නොවන තත්ත්වය" මිලර් පවසයි.

"බරක් ඔබාමා කී දේ යළි වෙනත් ආකාරයකට කියනවනම්, මේ පරම්පරාවට ඇති පැහැදිලි අභියෝගය අසමානතාව බව මගේ විශ්වාසයයි"

Santa Fe, Mexico City.
ඡායාරූප ශීර්ෂ වැකිය, සැන්ටා ෆේ, මෙක්සිකෝ සිටි
Grey line
Casey Park, Johannesburg.
ඡායාරූප ශීර්ෂ වැකිය, කේසී පාර්ක්, ජොහැන්නස්බර්ග්

ඉහළ කෝණයකින් ගන්නා ලද එම ඡායාරූපවල, දුප්පත් හා පොහොසත් ජනතාව වෙසෙන ප්‍රදේශ වැට, මාර්ග හෝ තෙත්බිම්වලින් මායිම්ව බෙදෙන ආකාරය පෙන්වයි. එක් පසෙක පැල්පත් ආදියෙන් පිරී පවතිද්දී අනෙක් පස ඉතා සුඛෝපභෝගී නිවාස හා මන්දිරවලින් සමන්විත වේ.

Mumbai.
ඡායාරූප ශීර්ෂ වැකිය, මුම්බායි, ඉන්දියාව
Grey line
Mumbai.
ඡායාරූප ශීර්ෂ වැකිය, මුම්බායි
Grey line
Papwa Sewgolum Golf Course, Durban.
ඡායාරූප ශීර්ෂ වැකිය, Papwa Sewgolum Golf Course, Durban. පප්වා සෙව්ගොලුම් ගොල්ෆ් පිටිය, ඩර්බන්
Grey line
Ixtapaluca, Mexico City.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉක්ස්ටපලුකා, මෙක්සිකෝ සිටි
Grey line
Tembisa, Johannesburg.
ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙම්බිසා, ජොහැන්නස්බර්ග්

ඩ්‍රෝන් ඡායාරූප ගැනීමට වඩා සුදුසු ම ස්ථාන සෙවීම සඳහා මිලර් හට පර්යේෂණ ගණනාවක යෙදෙන්නට විණි. "විවිධ මෙවලම් භාවිත කරලා ඡායාරූප ගත යුතු ස්ථාන මොනවද කියලා මම හඳුනාගත්තා. ඒක සංඛ්‍යාලේඛන දත්ත, සිතියම්, ප්‍රවෘත්ති වාර්තා වගේම මිනිස්සුන්ට කතාකරන්නත් වුණා. ඒ සියල්ලේම සංකලනයක්."

"ඡායාරූප ගන්න අවශ්‍ය ප්‍රදේශ හඳුනාගත්තට පස්සේ Google Earth නිරීක්ෂණයෙන් අදහසක් අරගත්තා. ඊට පස්සේ කළේ ගුවන් මාර්ගය සැලසුම් කරපු එකයි. මේකෙදී ගුවනේ නීතිය, ගුවනේ ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව, බැටරිවල ජීව කාලය, දුර ප්‍රමාණය, කාලගුණය, කෝණය, දවසේ වෙලාව වගේම තවත් බොහෝ කරුණු ගැන අවධානය යොමු කළා" යැයි මිලර් පැවසීය.

Lake Michelle, Masiphumelele, Cape Town.
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙක් මිචෙල්, මසිෆුමෙලෙලේ, කේප් ටවුන්
Grey line
Otto's Bluff, Pietermaritzburg.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔටෝ'ස් බ්ලෆ්, පීටර්මරිට්ස්බර්ග්
Grey line
Kya Sands, Bloubosrand.
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍යා සෑන්ඩ්ස්, බ්ලෞබොස්රෑන්ඩ්

සියලු ඡායාරූප ජොනී මිලර් ගෙනි