අන්තර්ජාලය සොයා ගනු ලැබුවේ ඉන්දියානුවන්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර දහස් ගණනකට පෙර දී පුරාණ ඉන්දියානුවන් විසින් අන්තර්ජාලය සොයා ගනු ලැබුවේ යයි පැවසූ අමාත්‍යවරයෙකු උපහාසයට ලක්ව තිබේ.
ඉන්දියාවේ ඊසාන දිග පිහිටි ත්‍රිපුර ප්‍රාන්තයේ මහඇමති බිප්ලබ් ඩෙබ් එම අදහස් පළ කර ඇත්තේ අඟහරුවාදා (අප්‍රේල් 17) පැවති මහජන උත්සවයකදීය.
සිය මතය තහවුරු කිරීම සඳහා මහඇමතිවරයා, පුරාණ හින්දු මහාකාව්‍යයක් වන 'මහාභාරතයෙන්' උදාහරණ ගෙනහැර දක්වා ඇත.
කෙසේ නමුත් මහඇමතිවරයාගේ එම ප්‍රකාශය හාස්‍යට ලක් කර 'ට්විටර්' ඇතුළු සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වෙමින් පවතී.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
නූතන ලෝකය අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක හෝ තාක්ෂණික ජයග්‍රහණ සොයා ගනු ලැබුවේ මීට සියවස් ගණනාවකට පෙර යයි පැවසු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ගණනාවක් වෙති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ අතර වේ.
මේ තොරතුරුද දැනගන්න:
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
2014 වසරේදී මුම්බායිහි රෝහලකදී වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අමතමින් අගමැති මෝදි පවසා තිබුණේ ප්ලාස්ටික් සැත්කම් පුරාණ ඉන්දියාවේ පැවති බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
එමෙන්ම පුරාණ මහාකාව්‍යයක් වන 'රාමායනය' තුළ ගුවන් යානය පිළිබඳ සඳහන් වන්නේ යයි කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය සැප්තැම්බර් මාසයේදී පවසා තිබිණි.
තවත් තොරතුරු:
විවේචකයන් පවසන්නේ මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම අනතුරුදායක තත්ත්වයක් බවය.
ඉහත කී මහජන හමුවේදී අදහස් දක්වමින් ට්‍රිපුර ප්‍රාන්තයේ මහඇමති බිප්ලබ් ඩෙබ් වැඩිදුරටත් පවසා ඇත්තේ අන්තර්ජාලය පමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණ ය ද පුරාණ ඉන්දියාවේ පැවති බව 'මහාභාරතයේ' සඳහන් 'කුරුක්ෂෙත්‍ර' සටනින් තහවුරු වන බවය.