2017 වසරේ කැමරා කාචයේ සටහන් වූ ලෝකය

Published

විටෙක, වචන සිය ගණනක කතාවක් එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. තවත් විටෙක, තම හදවතට වඩා සංවේදී වන්නේ වචන නොව, ඡායාරූපයකි.

2017 දී ලොව නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන්ගේ ඡායාරූප පෙළක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිස්තියානි භක්තිකයන් බෞතීස්ම කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ජෝර්දාන ගගේ කුආසර් එල්- යහුද් (Qasr El-Yahud) නම් ප්‍රදේශයේ දී එරිත්‍රියානු ජාතික, ඕතඩොක්ස් ක්‍රිස්තියානි බැතිමතෙකු බෞතීස්ම කරන දර්ශනයකි. මෙම ප්‍රදේශයේ දී ජේසුස් වහන්සේ ජෝන් ද බැප්ටිස්ට් විසින් බෞතීස්ම කළ බවට ක්‍රිස්තියානු භක්තිකයෝ විශ්වාස කරති. මෙම ස්ථානයේ සංවේදී බව සලකා ඊශ්‍රායල ආණ්ඩුව සහ පලස්තීන බලධාරීන් අතර ගිවිසුමකින් සහ පෙරදිග ඕතඩොක්ස් පල්ලි 7ක අනුමැතියෙන් අමුත්තන්ට ඇතුළු වීමට අවසර දී ඇත.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ 45 වැනි විධායක ජනාධිපති ලෙස ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ජනවාරි 20 වන දින ධවල මන්දිරයේ සිට දිව්රුම් දුන් අවස්ථාව. "අමතක" වී ගිය ඇමරිකානුවන් වෙනුවෙන් සටන් වදින බවට සහ "අපගේ රට නැවතත් සශ්‍රීක කරන" බවට ඔහු එහිදී ප්‍රතිඥා දුන්නේය.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, නිරිත දිග ප්‍රංශයේ මොන්ට්-දි-මාසන් (Mont-de-Marsan) ගුවන් කඳවුරේ හමුදා පුහුණුවක් අතරතුර රන්වන් රාජාලියෙකු ඩ්‍රෝනයක් ඩැහැගත් අවස්ථාවක්.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි රොහින්ග්‍යා සරණාගත දරුවෙකු ආධාර බෙදන ට්‍රක් රථයකට නැගී හඬා වැලපෙන අයුරු.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් සැප්තැම්බර් මස මිසයිල අත්හදා බැලීමක් නරඹමින්. දිගින් දිගටම සිදු කළ මිසයිල අත්හදාබැලීම් හේතුවෙන් සෙසු ලෝකය උතුරු කොරියාව ගැන අවධානයෙන් සිටී.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, සිසිලි දකුණු දිග දුපතේ පිහිටා ඇති යුරෝපයේ උසම සහ වඩාත්ම සක්‍රිය යමහල වන ඉතාලියේ එත්නා කන්ද, පෙබරවාරියේ දී විදාරණය විය.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, අගෝස්තු මස පැවැත්වූ ජනාධිපතිවරණය අවලංගු වීමෙන් පසු, ජනාධිපතිවරණය නැවත පැවැත්වීමට පක්ෂව කෙන්යාවේ ජනතාව සිය ඡන්දය භාවිතා කළහ. මෙයින් පසු විශාල උද්ඝෝෂණ හටගත් අතර, පොලිසිය විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින්ට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ තම වාහනයේ කවුළුවෙන් එබී බලන එරට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු වන කලෙබ් අමිසි ලුයායි (Caleb Amisi Luyai) මෙම ඡායාරූපයේ දැක්වේ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම පෘතුගාලයේ පෙනේලා හි ඇතිවූ ලැව්ගිනි මැඩලීමට වෙහෙසෙන අතර විවේකයක් ලබා ගත් ගිනි නිවන භටයෝ. උතුරු සහ මධ්‍යම පෘතුගාලයේ සරත් සමයේ දී ඇතිවූ මෙම ගින්නෙන් 30 කට අධික ප්‍රමාණයක් මිය ගිය අතර තව විශාල පිරිසක් තුවාල ලැබූහ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 ඔස්කාර් සම්මාන උළෙලේ තිරයෙන් පිටුපස සිටීමට අවසර දී ඇත්තේ ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුට පමණය. එමා ස්ටෝන් ඔස්කාර් සම්මානය දිනූ පසු ඇය සහ ලියනාඩෝ ඩිකැප්රියෝ අතර මෙම අතිශය පෞද්ගලික මොහොත ක්‍රිස්ටෝපර් පෝල්ක් ගේ කැමරාවේ මෙසේ සටහන් විය. මෙය 1950 දශකයේ ගත් ඡායාරූපයකට සමාන බව පැවසේ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙයිජිං නුවර පැවැත්වූ චීන කොම්යුනිස්ට් පක්ෂයේ 19 වෙනි ජාතික සම්මේලනයේදී රටේ මීලග පාලකයා සහ එහි ඉදිරි ක්‍රියාවලිය තීරණය කෙරිණ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, සිඩ්නි නුවර ජනප්‍රිය බොන්ඩි වෙරළ තීරයේ දිය මත ලිස්සා යන්නෙකු සමබරතාව ගිලිහී ඔහුගේ ලෑල්ලෙන් ජලයට වැටෙන අවස්ථාවක් රයන් පියර්ස්ගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි. ඔහු මහා ජල කඳන් සමග පොර බදිනවා දකින විට, ස්වභාව ධර්මයට දෛවය පාලනය කිරීමේ කෙතරම් බලයක් තිබේ දැයි නොසිතෙන්නේද?
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු ටෙනිස් තරගයක් අතරතුර සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල්ගේ නාසය උඩ සලබයෙකු වසා සිටි මොහොත.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිපීනයේ මරාවි නගරයට ආසන්නයේ, කැටී මලන්ග් මිකුනුග් (Katty Malang Mikunug) තම විවාහ උත්සවය දිනයේ සිය යෙහෙලියන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින්. මැයි මස ප්‍රහාරයෙන් පසු මෙම නගරයේ එක් කොටසක් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් විසින් අත් කර ගනු ලැබීය. මෙම ඡායාරූපය තෙල් සායම් චිත්‍රයකට සමාන බව පැවසේ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, 'කළු සිකුරාදා' (Black Friday) දිනයේ බ්‍රසීලයේ සවෝ පව්ලෝ (Sao Paulo) නුවර සාප්පුවකින් රූපවාහිනී යන්ත්‍ර මිලදී ගැනීමට පොරකන ජනකාය. ඇමරිකාවෙන් ආරම්භ වුන 'කළු සිකුරාදා' දිනය, නත්තල් සාප්පු සවාරි පටන් ගන්නා දිනය ලෙසින් සැලකේ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රිපොලි නගරයේදී ලිබියානු වෙරළ ආරක්ෂක හමුදාව විසින් බේරා ගත් අනවසර සංක්‍රමිකයෙක්. සිය දහස් ගණනින් අප්‍රිකානු සංක්‍රමිකයන් සහරා කාන්තාරය සහ මුහුදු තරණය කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටිති.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිවිල් ආරක්ෂක භටයන් ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැඳී සිටි උද්ඝෝෂණකරුවන් ඉවත් කරමින්. ජනමත විචාරණයකින් කැටලෝනියාවේ නිදහසට කැමැත්ත පළ වූව ද ස්පාඤ්ඤ ව්‍යවස්ථාදායක අධිකරණය එම ඡන්දය නීති විරෝධී බවට තීරණය කිරීම උද්ඝෝෂණවලට තුඩු දුන්නේය.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වීමත් සමග ඔහුගේ 37 වසරක පාලනය අවසන් වීම සමරන සිම්බාබ්වේ වැසියන්. සතියක හමුදා පාලන කාලයකින් පසුව එමර්සන් මනන්ගග්වා නව ජනාධිපති පදවියට පත්විය.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙක්සිකෝ - ඇමරිකා සීමාවේ පිහිටි තාප්පයේ සිදුරකින් ඥාතීන්ට සිය ළදරුවා පෙන්වන පියෙක්. ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දිනයේ දී මෙම සීමාවෙන් වෙන් වුන ඥාතීන්ට නැවත එක් වීමට මිනිත්තු තුනක කාලයක් ලබා දෙනු ලැබිණ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, අගෝස්තු 21 වනදා, උතුරු ඇමරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය. 1918 න් පසු සිදු වූ මෙය ඇමරිකාවේ මිලියන 7 කට වැඩි පිරිසක් නරඹා තිබිණි.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, ග්වාතමාලාව මළවුන්ගේ දිනය සමරන අවස්ථාවේ එහි සොහොන් කොත් අතරින් ඇවිද යන තරුණ කාන්තාවක්. මියගිය අයගේ ඥාතීන් ලබා දෙන දේ නිදහසේ භුක්ති විඳීම සඳහා පාට සරුංගල් අහසේ පා කර නරක ආත්ම පලවාහැරීම මෙම උත්සවයේ දී සිදු වේ.
World pictures
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 88 ක් ආයු වළඳා මියගිය තායිලන්තයේ භූමිපාල් අතුලතේජ් රජු වෙනුවෙන් පැවති වසරක ශෝක කාලය පසුගිය ඔක්තෝබර් 29 වෙනි දින නිමාවට පත්විය. හැත්තෑ වසරක් තරම් දීර්ඝ කාලයක් පදවිය හෙබැවූ ඔහු ලොව වැඩිම කාලයක් සිහසුන දැරූ රජතුමාය.

මේ තොරතුරුද දැනගන්න: