
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කෙරෙන යෝජනාවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සහතික කරවා ගැනීම සඳහා සංවිධානය කෙරෙන විරෝධතා තාමිල්නාඩු ප්‍රාන්තයේ චෙනෛයි නගරයේදී පැවැත්වින.
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට ආණ්ඩුව සලකන ආකාරය පිළිබඳ ඉන්දියාව දැඩි පියවරක් ගත යුතු බවයි විරෝධතා සංවිධානය කළ ඩී.එම් .කේ පක්ෂයේ නායක එම් .කරුණානිධි ප්‍රකාශ කොට සිටියේ.
චෙනෛයිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හාරදහසක් පමන දෙනා රැස්ව විරෝධතා පැවත්වූ අතර ඩී.එම් .කේ පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් වන එම් .කේ ස්ටාලින් ඇතළු තවත් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කොටි සංවිධානයේ නායක වෙළුපිල්ලේ ප්රභාකරන් ගේ බාල පුත් බාලචන්ද්‍රන් ගේ අවසන් පැය කීපය දක්වන බව කියන ඡයාරූප මාධ්‍ය තුළ පළවීමෙන් අනතුරුව දකුණු ඉන්දියාව තුල ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා වැඩි වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.












