පාස්කු ප්‍රහාරය: ආගමික කටයුතු සහ දෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ උත්සව

Published

පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන අද දින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික කටයුතු සහ දෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ උත්සව පැවැත්විණි.

2019 අප්‍රේල් 19 වෙනි දින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල බෝම්බ පිපිරීම් සිදු විය. ඉන් පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබූහ.

Easter Attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Facebook/SajithaNiroshini

ඡායාරූප ශීර්ෂ වැකිය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ඇතුළු වන ස්ථානයේ මියගිය පුද්ගලයන්ගේ ඡායාරූපවලින් තැනූ ආරුක්කුවක් දක්නට ලැබිණි.
Easter Attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද දින (අප්‍රේල් 21) පැවති කිතුණු ආගමික මෙහෙය.
Easter Attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික මෙහෙය.
Easter Attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ ප්‍රහාරයෙන් මියගිය අයගේ නම් සටහන් සමරු ඵලකය.
Easter Attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Facebook/FrSunilDeSilva

ඡායාරූප ශීර්ෂ වැකිය, කටුවාපිටිය ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ නිවෙස් 71ක ඊයේ දින (අප්‍රේල් 20) කිතුණු දේවමෙහෙය පැවැත්විණි.
Easter Attacks Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාල්ල කළුවැල්ල ජපමාල රාජේශ්වරි ආසන දේවස්ථානයේ දී දැඩි ආරක්ෂාව මධ්‍යයේ අද (අප්‍රේල් 21) උදෑසන ආගමික උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවට සංඝයාවහන්සේ, ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Easter Attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Facebook/ZionChurchBatticaloa

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුවේ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප සහිත බැනරයක් ප්‍රහාරය එල්ල වූ සියොන් දේවස්ථානය ඉදිරියේ ප්‍රදර්ශනය කර තිබේ. මියගිය අය අතර දරුවන් 14 දෙනෙක් වූහ.
Easter Attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීම සිදු වූ ස්ථානයේ ඇති සලකුණු.
Easter Attacks Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අද දින (අප්‍රේල් 21) පැවති ආගමික උත්සව අවට මෙන්ම, කොළඹ ඇතුළු නගර කීපයකට දැඩි ආරක්ෂාව යොදා තිබිණි

මේ තොරතුරු ද කියවන්න: