විගනකාධිපති වාර්තාව : සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අතුරුදහන් වූ රථ වාහන 1794 ක් ගැන කරුණු පහක්

ඡායාරූප මූලාශ්‍රය, Auditor General of Sri Lanka
පසුගිය පාලන සමයේ රජයට අයත් මෝටර් රථ අතුරුදහන් වීම සහ අයතා පරිහරණය කළ බවට වත්මන් ආණ්ඩුව අවස්ථා ගණනාවකදී චෝදනා කර ඇත. ඒ සම්බන්ධයෙන් චෝදනා ලද කලින් පැවති ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් අත්අඩංගුවට ගනු ලැබුණි.
මේ අතර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාහන අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරිය පැමිණිල්ලක් කළ බවට මාධ්‍ය වාර්තා පළ වූයේ එවන් පසුබිමකදීය.
විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් මස 25 වෙනිදාට අදාළව නිකුත් කර තිබූ එකී වාර්තාව මත පදනම්ව ඇය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව එම වාර්තා මගින් තහවුරු කර තිබිණ.
විගණකාධිපති එච්.එම් ගාමිණී විජේසිංහ 2017 වසරේ දෙසැම්බර් 31 දක්වා තමන් විසින් කරන ලද විගණනයන් සාරාංශගත කර තිබුණු අතර වැදගත් කොටස් කිහිපයක් එහිදී අවධානයට ලක්කර ඇත.
අදාළ වාර්තාව තුළින් අමාත්‍යාංශය සතු වාහනවල අයිතිය, පැවැත්ම, ලේඛනගත කිරීම, භාවිතය, නඩත්තු කිරීම වැනි ක්‍රියා පිළිබඳ ඇගයීමට ලක් කරනු ලැබ තිබේ.
විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් මතුකරන මූලික කරුණ වන්නේ අමාත්‍යාංශය සතු වාහන 1794 කට පමණ සිදුවූයේ කුමක්ද යන්න සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයට තහවුරු කරගැනීමට නොහැකි වීමය.
01 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන

ඡායාරූප මූලාශ්‍රය, facebook
විගණකාධිපතිවරයා තම විගණනයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවාහන අංශය නිකුත් කළ සංඛ්‍යා ලේඛණ සහ මොර්ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කරන ලද වාහන සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබේ.
ඔහු වෙත නිකුත් කර ඇති අමාත්‍යංශ වාර්තාවට අනුව 2017 දෙසැම්බර් මස 31 වෙනිදා වන විට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතුව තිබී ඇති රථවාහන ප්‍රමාණය පන් දහසකට අධිකය.
එම සියලු රථවාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ද ලියාපදිංචි කර තිබිය යුතුය.
අමාත්‍යාංශය සතු රථවාහන පාලනය කිරීමට අධ්‍යක්ෂවරයකුගෙන් යුත් වෙනම අංශයක් ද පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Auditor General of Sri Lanka
02 අමාත්‍යාංශය සතු වාහන ගැන පරස්පර වාර්තා
විගණනයේදී මූලිකව අමාත්‍යාංශය ඉදිරිපත් කළ රථ වාහන සම්බන්ධ වාර්තාව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාව සමග ගැලපීමකට ලක් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රවාහන අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කර ඇති වාර්තා අනුව, අමාත්‍යාංශය සතු බවට ඉදිරිපත් කෙරුණු සමස්ථ රථවාහන සංඛ්‍යාව 5,792 කි
එකී වාර්තාවට අනුව ඊට මෝටර් රථ 2,989 ක් සහ යතුරු පැදි 2,803ක් ක් අයත්ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අමාත්‍යංශයට අයත් විවිධ තනතුරු නාමයන්ගෙන් එකී අමාත්‍යංශයට අයත් රථ වාහන ලියාපදිංචි කර තිබේ.
විගණකාධිපතිවරයාට ලැබුණු දෙපාර්තමේන්තු වාර්තාවට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇත්තේ වාහන 5,556 කි පමණි.
එම වාර්තාවට අනුව ඊට මෝටර් රථ 2,816 සහ යතුරු පැදි 2,699 කින් සමන්විත වේ.
මේ අනුව රථ වාහන 236 ක් තමන් සතු බවට අමාත්‍යංශ වාර්තාවේ දැක්වුණ ද ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලැයිස්තු ගතව නැත.
03කිසිදු තොරතුරක් නොමැති රථවාහන 1794 ක්

ඡායාරූප මූලාශ්‍රය, Auditor General of Sri Lanka
විගණකාධිපති වාර්තාවේ දැක්වෙන තවත් වැදගත් කරුණක් වන්නේ තවත් රථවාහන 1,794 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තහවුරු කිරීමට අමාත්‍යංශයට නොහැකි වීමය. ( උපුටා ගැනීම - අප්‍රේල් මස 22 වැනි දිනට අදාළව විගනකධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව )
මේ සම්බන්ධයෙන් විධිමත් භෞතික පරීක්ෂණයක් සිදු කර නොතිබුණ අතර, තවත් රථවාහන විශාල සංඛ්‍යාවක් ( මෝටර්රථ 1,239 ක් සහ යතුරුපැදි 2,795ක් ස්ථාන ගත කිරීම් හඳුනාගැනීමට ද විගණනයට නොහැකිව තිබේ.
එහිදී වාහන 177 ක් පැවරීම් නීත්‍යානුකූල නොවන බව පවසන විගනකධිපතිවරයා, හිඟ වාහන 202 කින් 177 ක පැවැත්ම හෝ වෙන්දේසි කළ බවක් නිශ්චිතව තහවුරු නොවන බව පෙන්වා දෙයි.
ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍ර ලේකයට අනුව,අමාත්‍යවරයකුට, නියෝජ්‍ය අමාත්‍යවරයකුට සහ කාර්යමණ්ඩලවලට පවිච්චි කළ හැකි වාහන ප්‍රමාණය නියාමනය කර තිබේ.
අදාළ විගණන වාර්තාවට අනුව එම නීතිමය බැඳීම් ඉක්මවා ගොස් අමතර රථ වාහන 24 ක් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා භාවිත කර ඇති බවට නිගමනය කර තිබේ.
විගණන වාර්තාවට අනුව අතිරේක වාහන 16 ක් අමාත්‍යාංශය භාවිත කර තිබේ .
මේ ආකාරයෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද නියමිත ප්‍රමාණයට වඩා රථ වාහන 08 ක් භාවිත කර ඇති බව විගණන වාර්තාව පවසයි.
නියමිත ප්‍රමාණ ප්‍රකාරව ලැබීය යුතු ඉන්ධන ද පමණ ඉක්මවා ලබාගෙන ඇති බව පෙන්වා දෙන විගණකාධිපතිවරයා, ඇතැම් රථවාහන රියදුරන් නොමැතිව විවිධ ස්ථාන වලට අනුයුක්ත කර තිබූ බව පවසා තිබේ.
එමෙන්ම 2010 වසරේ පෙබරවාරි මස වෙන්දේසියකදී අළෙවි නොවූ වාහනයක් ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින්, විධිමත් අපහරණ මණ්ඩලයක් තක්සේරු නොකළ රථයක් රුපියල් ලක්ෂ 395,000 කට අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයකුට පවරා ඇති බවද මෙහි දැක්වේ.
එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන කළමනාකරණ සහකාර තනතුර දැරූ නිලධාරියකුගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ 290,000 කට අමාත්‍යංශයේ රථයක් පැවරීම සම්බන්ධෙන් ද මෙම වාර්තාව අනාවරණ කරයි.
04 විගණන වාර්තාවේ ප්‍රධාන නිරීක්ෂණ කිහිපයක්
- රථවාහන 1794 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තහවුරු කිරීමට අමාත්‍යංශයට නොහැකි වීම.
- අමාත්‍යාංශය සහ මෝටර්රථ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව පැවැත්ම තහවුරු කළ නොහැකි වාහන 171 සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම.
- වෙන්දේසියකින් තොරව පැවරූ වාහන කුමන පදනමකින් පැවරුවේද යන්න තහවුරු නොකිරීම.
- මෝටර්රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන 11 ක් අමාත්‍යංශ ලේඛනයේ පැවතීමට හේතු පැහැදිළි නොකිරීම.
- භෞතික පැවැත්ම තහවුරු නොවූ රථවාහන 584 ක් ස්ථාවර වත්කම් ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කිරීම, නීති රීති වලට පටහැනි ක්‍රියාවක් බව.
- අමාත්‍ය කාර්යාලයට සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වෙන්කළ ප්‍රමාණයට වඩා වාහන භාවිතය.
- අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් රුපියල් මිලියන 6.62 ක අමතර ඉන්ධන නිකුත් කිරීම
- ප්‍රසිද්ධ මිල කැඳවීමක් හෝ වෙන්දේසියකින් තොරව අවස්ථා දෙකකදී අමාත්‍යංශ කාර්ය මණ්ඩලය සඳහා අවස්ථා දෙකකදී වාහන අපහරණය
- අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සාමාජිකයින් 33 දෙනෙකුගෙන් සමන්විත වුවද පාලනය විධිමත් අයුරින් පවත්වාගෙන ගොස් නොමැති බව
නිර්දේශයන්
විගණන වාර්තාවේ මෙම ප්‍රධාන නිරීක්ෂණයන් ද ඇතුළුව තවත් කරුණු කිහිපයක් වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබිණ.
ඒ අතුරින් ප්‍රධාන වශයෙන්ම මොර්ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති රථවාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබේ.
පැවැත්ම හඳුනාගත නොහැකිවීම තුළ අස්ථානගතව ඇති වාහන සොයාගැනීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර මීට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව නිත්‍යනුකූල පියවර ගතයුතු බව සඳහන් කරයි.
වාහන අපහරණය සහ අයථා පරිහරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වා වගකිවයුතු නිලධාරීන්ට විනයානුකුලව කටයුතු කිරීමට නිර්දේශ කෙරේ.
මීට අමතරව අමාත්‍යාංශය සතු නමුත් පැවැත්ම හඳුනාගත නොහැකි වාහන 1794ක් හා අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාහන ලේකනයේ අඩංගු නැති නමුත් පැවැත්ම හඳුනාගත නොහැකි නිසා ඌනතාවක් ලෙස පවතින වාහන 171 ක් හඳුනාගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීම සුදුසු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.
05 අමාත්‍යංශයේ ප්‍රතිචාරය
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසී ය අවස්ථා කීපයක් ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සම්බන්ධ කරගැනීමට උත්සහ දැරීය.
නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ විය.
කියවන්න





























