කඩුගන්නාව බිංගේ පැල්මක්

කඩුගන්නාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ගල් බිංගෙය පිවිසුම මාර්ගයේ වාහන ගමනා ගමනය තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
Published

කඩුගන්නාව සුප්‍රකට බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනා ගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තිබෙනු දක්නට ලැබෙයි.

මහනුවර
ඡායාරූප ශීර්ෂ වැකිය, ගල් බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා ඇත.

කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදි ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව.1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, කඩුගන්නාව බිංගේ පැල්මක්

මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බිංගෙය මත ඇති පැල්ම නිරීක්ෂණය කිරීමට අද (අප්‍රේල් 23) එම ස්ථානයට ලඟා වූහ.

මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළත් මේ දක්වා කිසිදු පියවරක් නොගත් බව ඔවුහු තවදුරටත් පැවසූහ.

මහනුවර

කඩුගන්නාව බිංගෙය අවට ප්‍රදේශය මහනුවර නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ගිමන් නිවන ස්ථානයකි.

මේ තොරතුරුද දැනගන්න:

මහනුවර

මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කඩුගන්නාව බිංගෙය පිවිසුම සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන විසිහතරක් වියදම් කර ඇතත්, එහි ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

මිලියන විසිහතරක මුදල සම්පූර්ණයෙන් වියදම් කර ඇත්තේ සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමට ආසන සහ විදුලි බුබුළු සවි කළ උද්‍යාන සකස් කිරීමටය. නමුත් මෙම උද්‍යාන තුළ සංචාරකයන්ට පානීය ජල පහසුකම් හෝ වැසිකිලි පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මහනුවර

බිංගෙය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමග ඊයේ (අප්‍රේල් 22) ස්ථාන පරීක්ෂණයක් සිදුකල බව මාර්ග සංවර්ධන අධිකාරිය කඩුගන්නාව කාර්යාලයේ විධායක ඉංජිනේරු කමල් ජයවීර මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත බිංගෙය සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

තවත් තොරතුරු: