වැසි මැද ඡන්ද පොළට ආ නුවරඑලියේ ජනතාව
නුවරඑලිය දිස්ත්‍රික්කයේ අද පෙරවරු කාලයේ ඡන්ද දායකයින්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවතියත් පස්වරුවේ ඇද හැලුන වර්ෂාව හේතුවෙන් බාධා එල්ල විය.
වර්ෂාව නොතකා ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි බව ප්‍රාදේශීය වාර්තාකරු පැවසීය.
පස්වරු 4.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරිම 70 % ඉක්මවා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිලධාරි එම්.බි.ආර් පුෂ්ප කුමාර සඳහන් කළේය.












