පකිස්ථානය සහ ඉන්දියාව 'පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට' එකඟත්වය පළ කරයි

ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් පවසයි. ඉන්දීය විදේශ ලේකම්වරයා පවසන්නේ දෙරට අතර සටන් දේශීය වේලාවෙන් පස්වරු 5:00 සිට (බ්‍රිතාන්‍ය වේලාවෙන් පැය 12:30) නතර වූ බවයි.

සාරාංශය

  • ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබේ.
  • පකිස්ථානයේ නියෝජ්‍ය අගමැතිවරයා පවසන්නේ ඔවුන් "කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා සැමවිටම උත්සාහ කර ඇති" බවයි.
  • ඉන්දීය විදේශ ලේකම්වරයා පවසන්නේ දෙරට අතර සටන් දේශීය වේලාවෙන් පස්වරු 5:00 සිට (බ්‍රිතාන්‍ය වේලාවෙන් පැය 12:30) නතර වූ බවයි.
  • "එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවති දිගු සාකච්ඡා රාත්‍රියක" ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය ඇති වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
  • මෙම සතිය මුලදී, පසුගිය මාසයේ පෙහෙල්ගාම් හි ඉන්දීය සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලන කාශ්මීරයේ ඉලක්ක වෙත පහර දුන්නේය. පකිස්ථානය ඒ සඳහා තම සම්බන්ධයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරයි.
  • ඉන්දීය පරිපාලන කාශ්මීරය දශක ගණනාවක් පුරා පවතින කැරැල්ලක් අත්විඳ ඇති අතර එය දහස් ගණනක් ජීවිත බිලිගෙන ඇත. ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම කාශ්මීරයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියයි.

සජීවී වාර්තාකරණය

  1. මෙතෙක් අප දන්නේ මොනවා ද?, ඉන්දියාව පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ආතතීන් වැඩි වෙමින් පවතී. ඔබ මේ සජීව විකාශය සමග දැන් එක්වන්නේ නම්, කෙටි සාරාංශයක් මෙන්න:

    "ත්‍රස්තවාදී යටිතල පහසුකම්" ලෙස විස්තර කළ විවිධ ස්ථාන නවයකට "නිෂ්චිතව, සැලසුම් කරන ලද සහ ගැටුම් වර්ධනය නොවන" ආකාරයෙන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව ප්‍රකාශ කළා.ඉන්දියාව පැවසුවේ, කිසිදු පකිස්ථාන හමුදා කඳවුරකට පහර නොදුන් බවය.

    පසුගිය මාසයේ ඉන්දීය පරිපාලනයට නතු කාශ්මීරයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි, අවධාරණය කළ පාකිස්ථානය, ඉන්දියාවෙන් එල්ල වූ ප්‍රහාරය "බියගුළු ප්‍රහාරයක්" ලෙස විස්තර කළ අතර තම රටේ ස්ථාන හයකට පහර දී ඇතැයි බව පවසා තිබෙනවා.

    • රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසු දෙරට අතර නිල නොළත් දේශ සීමාව ආශ්‍රිතව දැඩි කාලතුවක්කු ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා.
    • ප්‍රහාර වලින් ඉන්දීය පාරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසනවා.
    • ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමා ආශ්‍රිත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය කියා සිටියා. එහෙත් "පකිස්ථානයේ සිවිල් වැසියන්ට හානි සිදුවී ඇති බවට වාර්තා වී නැහැ" යැයි ඉන්දියාව ප්‍රකාශ කළා.
    • ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගම් හිදී සංචාරකයින්ට පසුගිය මාසයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර සබඳතා තියුනු ලෙස පහත වැටුණා.
    • ප්‍රහාරකයින් සහ පාකිස්ථානය අතර සම්බන්ධතා සොයාගෙන ඇති බව ඉන්දීය නිලධාරීන් ප්‍රකාශ කළා.එහෙත් පකිස්ථානය එය මීට පෙර තරයේ ප්‍රතික්ෂේප කළ චෝදනාවක්.

    සුවිශේෂී තොරතුරු දැන ගැනීම සඳහා මෙම සජීවී විකාශය සමග එක්ව සිටින්න

  2. ඉන්දියාව නගර රැසක ආදර්ශ ආරක්ෂක අභ්‍යාස පවත්වයි

    උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි නගරයේ සිවිල් ආරක්ෂක අනුකරණ අභ්‍යාසයකට සහභාගී වන ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ නිලධාරීන්.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරානසි නගරයේ ආදර්ශ සිවිල් ආරක්ෂක අභ්‍යාස පැවැත්වූ අයුරු

    ඉන්දියාවේ ප්‍රධාන නගර සහ ප්‍රදේශ කිහිපයකම ආදර්ශ ආරක්ෂක අභ්‍යාස පැවැත්වෙමින් තිබෙනවා.

    අප කලින් වාර්තා කළ පරිදි, "සිවිල් ආරක්ෂක යාන්ත්‍රණයන්" තක්සේරු කිරීම සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 250 කට ආසන්න සංඛ්‍යාවක මේවා පවත්වන ලෙස ඉන්දියාවේ ස්වදේශ ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

    ගුවන් ප්‍රහාර, විදුලිය විසන්ධි කිරීම් සහ ඉවත් කිරීම් වැනි හදිසි අවස්ථා සඳහා ඉන්දියාවේ සූදානම පරීක්ෂා කිරීම මෙම ආදර්ශ අභ්‍යාසවල අරමුණ වී තිබෙනවා.

    ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් වාරනාසි නගරයේ අභ්‍යාසයක් ප්‍රදර්ශනය කරයි

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් වාරානසි නගරයේ අභ්‍යාසයක් පැවැත්වූ අයුරු
  3. ඉන්දීය පාර්ශවයේ සිවිල් මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළට: ඉන්දීය හමුදාව

    දේශසීමා ආසන්න ඉන්දීය ප්‍රදේශ වෙත එල්ල වන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය හමුදා නිලධාරියෙක් බීබීසීයට තහවුරු කළා.

    සියලුම මරණ වාර්තා වී ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිල නොලත් දේශසීමාව වන පාලන රේඛාවට (LoC) ආසන්නව පිහිටි පූන්ච් දිස්ත්‍රික්කයෙන්.

    අද උදෑසන ඉන්දියාව පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් පසුව ආරම්භ වූ ප්‍රචණ්ඩ වාතාවරණයෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

  4. සංයමයෙන් කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි

    ඉන්දියාව සහ පකිස්ථානය අතර වත්මන් ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම නැවැත්වීමට ලොව පුරා විවිධ රටවල් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උත්සහ දරමින් සිටිනවා.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැනටමත් "උපරිම සංයමයෙන්" කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සටන් "ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි" තමන් බලාපොරොත්තු වන බව.

    වත්මන් තත්ත්වය උත්සන්න වීම නැවැත්වීමට ලොව පුරා විවිධ රටවල් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් උත්සහ දරමින් ඉන්නවා.

    ඡායාරූප මූලාශ්‍රය, EPA

  5. ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් පාකිස්ථානයට ගුවන් ගමන් නතර කරයි

    ගුවන්

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    පකිස්ථාන ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් කටාර් ගුවන් සේවය පකිස්ථානයට සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

    කටාර් ගුවන් සේවය x හි පණිවිඩයක් පළ කරමින් මෙලෙස සඳහන් කළා: "ගුවන් සේවය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දීම අඛණ්ඩව කරගෙන යනවා.

    බලපෑමට ලක් වූ ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු සඳහා කටාර් එයාර්වේස් නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස ගුවන් සමාගම මගීන්ට උපදෙස් ලබා දුන්නා.

    ලාහෝර් සහ කරච්චි යන ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගුවන් කලාපය වසා දමන බව පකිස්ථාන බලධාරීන් නිවේදනය කර තිබේ.

    සීඑන්එන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ ගුවන් සේවය පැවසුවේ නැවත දැනුම් දෙන තුරු පාකිස්තානය හරහා ගුවන් ගමන් අත්හිටුවා ඇති බවය.

    ජර්මානු ගුවන් සේවයක් වන ලුෆ්තන්සා සමාගම රොයිටර් පුවත් සේවයට පැවසුවේ "නැවත දැනුම් දෙන තුරු පාකිස්තාන ගුවන් සීමාව මඟහරින" බව ය.

  6. පකිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාර පිළිබඳ ඉන්දීය ආරක්ෂක බලධාරීන් හෙළි කළ තොරතුරු

    Wickram Misri

    ඡායාරූප මූලාශ්‍රය, PIB

    ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී ඔහු පළ කළ අදහස්වල සාරාංශය මෙසේ ය:

    • ඉන්දියාව, පකිස්ථානය සහ පකිස්ථාන පාලිත කාශ්මීරයේ ඉලක්ක 9කකට ගුවන් ප්‍රහාර එල්ල කළා.
    • ගුවන් ප්‍රහාර ඉන්දීය වේලාවෙන් අලුයම 1.05 සිට 1.30 දක්වා මිනිත්තු 25ක කාලයක් පැවතුණා.
    • ඉලක්ක තෝරා ගත්තේ විශ්වසනීය බුද්ධි තොරතුරු පදනම් කරගෙන යි.
    • සාර්ථක ලෙස ඉලක්ක විනාශ කළා.
  7. සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකුට තුවාල

    මරණ

    ඡායාරූප මූලාශ්‍රය, Radio Pakistan

    අඟහරුවාදා රාත්‍රියේ ඉන්දියාව පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනයට නතු කාශ්මීරයේ ස්ථාන හයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ප්‍රහාර වලින් ළමුන් සහ කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇතැයි පකිස්ථාන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දීය ගුවන් ප්‍රහාරය ගැන පකිස්ථාන ජනතාව දුටු දේ BBCයට කියයි
  8. "අපේ සන්නද්ධ හමුදා ගැන ආඩම්බරයි" - ඉන්දීය ස්වදේශ ආරක්ෂක අමාත්‍ය අමිත් ෂා

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, X හි සටහනක් තබමින් රටේ සන්නද්ධ හමුදාවන්ට ප්‍රශංසා කර ඇති අතර, ඔහු ඔවුන් ගැන ආඩම්බර වන බව ප්‍රකාශ කළා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉන්දීය ස්වදේශ ආරක්ෂක අමාත්‍ය අමිත් ෂා, X හි සටහනක් තබමින් රටේ සන්නද්ධ හමුදාවන්ට ප්‍රශංසා කර ඇති අතර, ඔහු ඔවුන් ගැන ආඩම්බර වන බව ප්‍රකාශ කළා.

    පකිස්ථානයට ප්‍රහාර එල්ල කරමින් ඉන්දියාව සින්දූර් නමින් ආරම්භ කළ මෙහෙයුම, "පෙහෙල්ගාම්හි අපගේ අහිංසක සහෝදරයන් කුරිරු ලෙස ඝාතනය කිරීමට" ඉන්දීය ප්‍රතිචාරය බව සඳහන් කර තිබෙනවා.

    "ඉන්දියාවට සහ එහි ජනතාවට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සුදුසු ප්‍රතිචාරයක් දැක්වීමට මෝදි රජය අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. භාරතය [හින්දි භාෂාවෙන් ඉන්දියාවේ නම] ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට දැඩි ලෙස කැපවී ඉන්නවා," ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

  9. ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් බිම හෙළූ බව පකිස්තාන හමුදාව කියයි

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දීය ගුවන් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් බිම හෙළු බව පකිස්ථානය කියයි

    ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා පහක් වෙඩි තබා බිම හෙළූ බව පකිස්තානය ප්‍රකාශ කර තිබෙනවා.

    "මේ දක්වා, රෆයල් යානා තුනක්, SU-30 එකක් සහ MiG-29 එකක් ඇතුළුව ඉන්දියානු ගුවන් යානා පහක් සහ හෙරොන් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව මට ඔබට තහවුරු කළ හැකිය," යනුවෙන් පාකිස්තාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්රි ප්‍රකාශ කළා.

    ඉන්දියාව තවමත් මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වා නැහැ.

  10. ඉන්දීය ගුවන් යානා කිහිපයක් සහ ඩ්‍රෝන යානා බිම හෙළූ බව පාකිස්තාන හමුදාව කියයි

    ස්ථාන හයකට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ගුවන් යානා කිහිපයක් වෙඩි තබා බිම දැමූ බව පාකිස්තානය ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රකාශයන්ට ඉන්දීය ගුවන් හමුදාව තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ස්ථාන හයකට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ගුවන් යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළූ බව පකිස්තානය ප්‍රකාශ කර තිබේ.

    මෙම ප්‍රකාශයන්ට ඉන්දීය ගුවන් හමුදාව තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

    නමුත් ශ්‍රීනගර් හි බීබීසී පුවත් සේවයේ රියාස් මස්රූර්ට පුල්වාමා හි පම්පූර් ප්‍රදේශයේ ජනතාව කිව්වේ අඟහරුවාදා රාත්‍රියේ ගුවන් යානයක් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටුණු බව.

    නමුත් ශ්‍රීනගර් හි බීබීසී පුවත් සේවයේ රියාස් මස්රූර්ට පුල්වාමා හි පම්පූර් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් කිව්වේ අඟහරුවාදා රාත්‍රියේ ගුවන් යානයක් ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලකට කඩා වැටුණු බව.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    මෙම ගුවන් යානයේ සුන්බුන් පිළිබඳ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල සංසරණය වෙමින් පවතී, නමුත් එය කුමන ගුවන් යානයක්ද සහ එය ඉන්දීය ගුවන් හමුදාවට අයත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

    මෙම ගුවන් යානයේ සුන්බුන් පිළිබඳ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල සංසරණය වෙමින් පවතී, නමුත් එය කුමන ගුවන් යානයක්ද සහ එය ඉන්දීය ගුවන් හමුදාවට අයත්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

    ඡායාරූප මූලාශ්‍රය, g

  11. ඉන්දියාවට පහර දුන්නේ කිනම් ප්‍රදේශයකට ද?

    ප්‍රහාර

    බදාදා (මාර්තු 7) අලුයම ඉන්දීය රජය ප්‍රකාශ කළේ, පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සහ පකිස්ථානයේ විවිධ ස්ථාන නවයක් ඉලක්ක කර ගත් බව.

    මෙම ස්ථාන ප්‍රහාර "සැලසුම් කර මෙහෙයවන ලද ත්‍රස්තවාදීන්ට අයත් ස්ථාන" බව ඉන්දියාව පැවසුවා.

    තමන් කිසිදු පකිස්ථාන හමුදා පහසුකමකට පහර දී නොමැති බව ඔවුන් අවධාරණය කළේ, තම ක්‍රියාව "නිශ්චිතව, සැලසුම් කරන ලද සහ ගැටුම් උත්සන්න නොවන ආකාරයේ" ප්‍රහාරයක් බව ද පවසමින්.

    පකිස්ථානයට අනුව, වෙනස් ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල වී ඇත: පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද් සහ කොට්ලි සහ පකිස්ථාන පන්ජාබ් පළාතේ බහවල්පූර් එම ප්‍රදේශ වේ.

    පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ජියෝ ටීවී (GeoTV) ප්‍රහාර සිවිල් ප්‍රදේශවලට එල්ල වූ බව පැවසුවේ ඉන්දියාව "ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කරගත්" බවට කරන ප්‍රකාශය අසත්‍ය බව ද පවසමින්.

    බදාදා (මාර්තු 7) අලුයම ඉන්දීය රජය ප්‍රකාශ කළේ, පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සහ පකිස්ථානයේ විවිධ ස්ථාන නවයක් ඉලක්ක කර ගත් බව.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

  12. "ලෝකය, ත්‍රස්තවාදයට කිසිදු ඉවසීමක් පෙන්විය යුතු නැහැ" - ඉන්දීය විදේශ අමාත්‍ය

    "ලෝකය, ත්‍රස්තවාදයට කිසිදු ඉවසීමක් පෙන්විය යුතු නැහැ"

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඡායාරූප ශීර්ෂ වැකිය, "ලෝකය, ත්‍රස්තවාදයට කිසිදු ඉවසීමක් පෙන්විය යුතු නැහැ"

    ලෝකය "ත්‍රස්තවාදයට කිසිදු ඉවසීමක්” පෙන්විය යුතු නැතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් X හි සටහනක් තබමින් පවසා තිබෙනවා.

    'ඔපරේෂන් සින්දූර්' යන වචන සහිත ඡායාරූපයක් ඔහු පළ කර තිබුණා. - බදාදා පකිස්ථානයට එරෙහි ප්‍රහාරක මෙහෙයුම සඳහා ඉන්දියාව 'ඔපරේෂන් සින්දූර්' යන නම යොදා ගෙන තිබෙනවා.

    විවාහක ඉන්දීය කාන්තාවන් නළලෙහි තබන තිලකය සින්දූර් ලෙසින් හැඳින් වෙයි.

  13. ඉන්දියාව සහ පකිස්ථානය අතර දේශසීමාවෙන් ඇසෙන වෙඩි ශබ්ද

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාවේ පූන්ච් ප්‍රදේශයෙන් වෙඩි ශබ්ද ඇසුණු ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

    ඉන්දියාව සහ පකිස්ථානය අතර දේශසීමා අතර වෙඩි හුවමාරුව අතරතුර ඉන්දියාවේ පූන්ච් ප්‍රදේශයෙන් වෙඩි ශබ්ද අසුණු ආකාරය

  14. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුදා ප්‍රධානීන් හමුවෙයි

    ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගුවන් ප්‍රහාර පිළිබඳව යුද හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.  ඉන්දීය නිලධාරීන් අද පෙරවරු 10:00 ට (GMT 04:30) හමුදා මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගුවන් ප්‍රහාර පිළිබඳව යුද හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

    ඉන්දීය නිලධාරීන් අද පෙරවරු 10:00 ට හමුදා මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

  15. පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනයේ ඇති කාශ්මීරයට ඉන්දියාවෙන් ගුවන් ප්‍රහාර

    පකිස්ථානයට සහ පකිස්ථාන පරිපාලනයේ ඇති කාශ්මීරයට ඉන්දියාවෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.

    ඔබ දැන් මේ සජීවී විකාශය හා සම්බන්ධ වුණේ නම්, මේ දක්වා සිදුව ඇති තත්ත්වයි මේ,

    • පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට "නිෂ්චිතව, සැලසුම් කරන ලද සහ ගැටුම් වර්ධනය නොවන" ආකාරයෙන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව ප්‍රකාශ කළා.
    • "බියගුළු ප්‍රහාරයක්" ලෙස විස්තර කර ඇති මෙම ප්‍රහාරයෙන් ස්ථාන තුනකට හානි සිදුවී ඇති බව පකිස්ථානය තහවුරු කර තිබෙනවා. පකිස්ථාන විදේශ අමාත්‍ය මුහම්මද් ඉෂාක් ඩාර් පවසා ඇත්තේ ප්‍රහාර වලින් සිවිල් වැසියන් අට දෙනෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඉන්දියාව මියගිය සංඛ්‍යාව පිළිබඳව අදහස් දක්වා නැහැ.පාකිස්තානය පවසා ඇත්තේ "තමන් කැමති වේලාවක සහ අවස්ථාවක" මීට සුදුසු ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බව.
    • පසුගිය මාසයේ ඉන්දීය පරිපාලනයේ ඇති කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයකින් පසු, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා තියුනු ලෙස පහත වැටුණා.

    වර්ධනය වන තත්ත්වය පිළිබඳ සුවිශේෂී තොරතුරු මෙම සජීවි විකාශය තුළින් බලාපොරොත්තු වන්න.