නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (නොවැම්බර් 21 වන දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

සාරාංශය

  • නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
  • නව අගමැතිනිය හරිනි අමරසූරිය
  • කැබිනට් අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 22 කින් සමන්විත වේ.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර,ප්‍රවෘත්ති සංස්කාරක,බීබීසී සිංහල/ සම්පත් දිසානායක,ජ්‍යෙෂ්ඨ ඩිජිටල් වාර්තාකරු,බීබීසී සිංහල

  1. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජනබල වේගය

    සුරවීර ආරච්චි – 78,832

    මධුර සෙනෙවිරත්න – 52,546

    ආර්.ජී. විජේරත්න – 39,006

    අනුෂ්ක තිලකරත්න – 34,035

    ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346

    සමගි ජනබල වේගය

    පලනි දිගම්බරම් – 48,018

    වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 42,273

    එක්සත් ජාතක පක්ෂය

    ජීවන් තොණ්ඩමන් – 46,438

  2. මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ඉලංගෙයි තමිල් අරුසු කච්චි

    රසමානික්කම් ශානකියන් – ඡන්ද 65,458යි

    ජී.ශ්‍රීනේසන් - ඡන්ද 22,773

    ශ්‍රීනාත් - ඡන්ද 21,202

    ජාතික ජනබලවේගය

    කේ.ප්‍රභූ – ඡන්ද 14,856යි

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

    ඒ.එම්. හිස්බුල්ලා - ඡන්ද 32,410

  3. මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    ආර්. එම්. ජයවර්ධන - 105,107

    අජිත් ප්‍රියදර්ශන - 54,044

    චතුරි ගංගානි - 42,930

    රුවන් විජේවීර - 40,505

    සරත් කුමාර - 39,657

    සමගි ජන බලවේගය

    එච්.එම්. ධර්මසේන - 20,171

  4. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    වසන්ත සමරසිංහ - 251,639

    සේන නානායක්කාර- 86,150

    සුසිල් රණසිංහ- 72,508

    සුසන්ත කුමාර නවරත්න - 71,695

    ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත් - 63,551

    නිර්මාල් කරුණාසිරි- 52,507

    තිළිණ තාරුක සමරකෝන් - 49,730

    සමගි ජන බලවේගය

    රෝහණ බණ්ඩාර- 48,399

    සුරංග රත්නායක- 24,348

  5. 'උතුර සහ නැගෙනහිර ජය ගත්තේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සමග ඩීල් දාලා නෙමෙයි'

    වීඩියෝ ශීර්ෂ වැකිය, 'ඓතිහාසික දේශපාලන හැරවුමක්'

    මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ඨ ජයක් ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

    මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා සිටියේ මෙම ජයග්‍රහණය ඓතිහාසික දේශපාලන හැරවුමක් මෙන්ම ඓතිහාසික දේශපාලන තීන්දුවක් වන බව ය.

  6. පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපති ස්තූතිය පළ කරයි

    පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතිය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ස්තූතිය පළ කළේය.

  7. මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

    මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය - ජාතික ජන බලවේගය

    කේ.ඩී ලාල් කාන්ත - 316,951

    ජගත් මනුවර්ණ - 128,678

    මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන - 94,242

    මුදිත හංසක විජේමුණි - 82,926

    තනුර හර්ෂණ දිසානායක - 78,526

    ඒකනායක මුදියන්සේලාගේ ගෙදර කුඹුරේ ගෙදර බස්නායක - 72,929

    මොහොමදු ෆාරුක් රියාස් මොහොමඩ් - 64,043

    ජයනෙත්ති කෝරළලාගේ දෝන තුෂාරි ජයසිංහ - 58,223

    මොහොමඩ් ෂරීෆ් මොහොමඩ් ජස්මින් - 57716

    සමගි ජනබල වේගය

    රාවුෆ් හකීම් - 30833

    චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ලේ - 30780

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    අනුරාධ ජයරත්න - 20,749

  8. ජාතික ජන බලවේගයට ආසන 159ක ඓතිහාසික ජයක්

    MAP

    2024 මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආසන 159ක් හිමි කර ගෙන තිබේ.

    ඒ, තනි පක්ෂයක් ලෙස ඉතිහාසගතව, තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු බහුතර බලයක් ලබා ගනිමිනි.

    සමගි ජන බලවේගය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 40කි. එය 17.66 % ඡන්ද ප්‍රතිශතයක්.

    පාර්ලිමේන්තු බහුතරය හිමි කර ගැනීම සඳහා අවශ්‍ය වූ අවම ආසන සංඛ්‍යා 113.

    ජාතික ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,863,186කි. එය ප්‍රතිශයක් ලෙස 61.56%කි.

    ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද සමගින් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ලබා ගෙන ඇති මන්ත්‍රී ධූර සංඛ්‍යාව 8කි.

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් සමගින් ආසන 5ක් හිමිකර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සමගින් ආසන 3ක් හිමි කර ගත්තා.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද මන්ත්‍රී ආසන 3ක් හිමි කර ගෙන තිබෙනවා.

    පළමු වරට මහ මැතිවරණයකට තරග කළ සර්ව ජනබලය පක්ෂය එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තා.

    එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, යාපනය ස්වාධීන කණ්ඩායම් අංක 17 සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගෙන තිබෙනවා.

    වීඩියෝ ශීර්ෂ වැකිය, මැතිවරණ ප්‍රතිඵලය ගැන විශ්ලේෂණයක්
  9. වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල, වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය - ජාතික ජනබල වේගය

    සෙල්වතම්බි තිලකනාදන් - 10,652

    ආරුමුගම් මයිල්වාගනම් ජෙගදීශ්වරන් - 9,280

    ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

    කාදර් මස්තාන් - 13,511

    සමගි ජනබල වේගය

    රිෂාඩ් බදුර්දීන් - 21,018

    ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පක්ෂය

    ඒ. අඩෙයික්කලනාදන් - 5,695

  10. පාර්ලිමේන්තුවෙන් අතුගා දැමුණු මැති ඇමතිවරු, මෙවර මහ මැතිවරණයෙන් හිටපු මැති ඇමතිවරුන් 40කට අධික පිරිසකට සිය මන්ත්‍රී අසුන් අහිමි වී තිබේ

    පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළහ.

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    2024 මහ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් වූයේ, පරම්පරාවෙන් ම දේශපාලනයේ නිරත වූ, දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ස්වයං ව විශ්‍රාම ගැන්වූ මැතිවරණයක් වූ නිසා ය.

    මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ කලින් ම තීරණය කළහ.

    හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකිරීමට තීරණය කළ ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුවේ මුල් ම අපේක්ෂකයා ලෙස ඇතුළත්ව සිටියේය.

    මීට අමතරව පසුගිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකළ අතර ඔහු ද ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත්ව සිටියේය.

    හිටපු ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙවර මහ මැතිවරණය සඳහා තරග නොකරන බව ප්‍රකාශ කළේය.

    ඊට අමතරව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ අලී සබ්රි ද මෙවර මහ මැතිවරණය සඳහා තරග කළේ නැත.

    පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, තමන් ද මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බවයි.

    තරග නොකළ හිටපු මන්ත්‍රීවරුන් කවුද?

    පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළහ.

    චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , විමල් විරවංශ, පාඨලී චම්පික රණවක, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් සෙනවිරත්න, මාවෙයි සේනාධිරාජා, සි.වී. විග්නේෂ්වරන්, ෂාන් විජයලාල් ද සිල්වා, විමලවීර දිසානායක, එස් බී දිසානායක , කනක හේරත් , වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, ගීතා කුමාරසිංහ, ප්‍රදීප් උඳුගොඩ, ඩී.බී. හේරත්, ගුණතිලක රාජපක්ෂ, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාශාන් නවනන්දන, ලොහාන් රත්වත්තේ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක සහ කරුණාදාස කොඩිතුවක්කු යන හිටපු මන්ත්‍රීවරු ඒ අතර වූහ.

    නාමල් රාජපක්ෂ,රංජිත් මද්දුමබණ්ඩාර, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, ජයන්ත වීරසිංහ, සුරේන් රාඝවන්, තලතා අතුකෝරළ, සී.බී. රත්නායක, ජයන්ත කැටගොඩ, ඩලස් අලහප්පෙරුම, ඉම්තියාස් බාකීර් මාකාර්, ජී.එල්.පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙවර මහ මැතිවරණයට තරග නොකළ අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ සමගි ජන බලවේගය යන පක්ෂවලින් ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ඇති පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පිරිස අතරට ඇතුළත් වේ.

    මැතිවරණයට තරග කර පරාජය වූ මන්ත්‍රීවරුන් කවුද?

    රමේෂ් පතිරණ,

    මනූෂ නානයක්කාර,

    ඉසුරු දොඩංගොඩ,

    මහින්ද අමරවීර

    අජිත් රාජපක්ෂ

    කංචන විජේසේකර

    නිපුණ රණවක

    ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ප්‍රමිත බණ්ඩාර

    රෝහණ දිසානායක

    දිළුම් අමුණුගම

    මහින්දානන්ද අළුත්ගමගේ

    රෝෂාන් රණසිංහ

    සංජීව එදිරිමාන්න

    උදය ගම්මන්පිල

    සුසිල් ප්‍රේමජයන්ත

    විදුර වික්‍රමනායක

    පියල් නිශාන්ත ද සිල්වා

    රාජිත සේනාරත්න

    එස්.එම්. චන්ද්‍රසේන

    දුමින්ද දිසානායක

    එස්.සී මුතුකුමාරණ

    රංජිත් සියඹලාපිටිය

    තාරක බාලසූරිය

    සාරතී දුෂ්මන්ත

    ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අසංක නවරත්න

    අනුර ප්‍රියදර්ශන යාපා

    ශාන්ත බණ්ඩාර

    ප්‍රේමලාල් ජයසේකර

    ජානක වක්කුඹුර

    නිමල් ලන්සා

    ඉන්දික අනුරුද්ධ

    අරුන්දික ප්‍රනාන්දු

    හරින් ප්‍රනාන්දු

    ප්‍රසන්න රණවීර

    පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්

    නිමල් සිරිපාල ද සිල්වා

    පවිත්‍රා වන්නිආරච්චි

    ඩග්ලස් දේවානන්ද

    අංගජන් රාමනාදන්

    සෙල්වරාසා ගජේන්ද්‍රන්

    ධර්මලිංගම් සිද්ධාර්ථන්

    කුලසිංහම් දීලීපන්

    M.A සුමන්දිරන්

  11. මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

    මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය - ජාතික ජන බලවේගය

    ජී. දිසානායක - 100,618

    එස්. ජේ. බියන්විල - 56,932

    දීප්ති වාසලගේ - 47,482

    එච්. ඩී. එච් පෙරේරා - 43, 455

    සමගි ජන බලවේගය

    රෝහිණි කවිරත්න - 27,845

  12. මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

    මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය - ජාතික ජන බලවේගය

    සුනිල් හඳුන්නෙත්ති - 249,251

    සරෝජා පෝල්රාජ් - 148,379

    එල්.එම්. අබේවික්‍රම -68,144

    අක්‍රම් ඉල්යාස් - 53,835

    ජී. අජන්ත - 48,820

    ලාල් ප්‍රේමනාත් - 48,797

    සමගි ජන බලවේගය

    චතුර ගලප්පත්ති - 32,196

  13. දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනය බැගින් හිමි කර ගත්තා.

  14. බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

    බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය - ජාතික ජන බලවේගය

    සමන්ත විද්‍යාරත්න - 208247

    කිට්නන් සෙල්වරාජ් - 60041

    සැමුවෙල් අම්බිගා - 58201

    රවින්ද්‍ර බණ්ඩාර - 50822

    සුදත් බලගල්ල - 47980

    දිනිඳු සමන් - 45902

    සමගි ජන බලවේගය

    නයන වාසල - 35518

    චමින්ද විජේසිරි - 29791

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

    චාමර සම්පත්- 19359

  15. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 14ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 14ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජනබලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 4 ක් හිමි කර ගත්තා.

  16. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ජාතික ජන බලවේගය

    නිහාල් ගලප්පත්ති - 125,983

    අතුල හේවගේ - 73,198

    සාලිය මධුරසිංහ - 65,969

    අරවින්ද විතාරණ - 48,807

    රුවන් සෙනරත් - 42,249

    සමගි ජන බලවේගය

    දිලීප් වෙදආරච්චි - 23,514

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    ඩී.වී. චානක - 16,546

  17. ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

    ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය - ජාතික ජනබලවේගය

    අසේල නලින් ද ලාල් - 274,707

    රත්න ගමගේ - 113,719

    හසාරා නයන්තාර ප්‍රේමතිලක - 82,058

    නිශාන්ත සමරවීර - 76,677

    තිලංක රුක්මාල් - 74,143

    නිශාන්ත පෙරේරා - 71,549

    කංකානම්ගේ ජයසුන්දර - 58,761

    සමගි ජනබලවේගය

    ගයන්ත කරුණාතිලක - 36,093

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    චානක සම්පත් මාදුගොඩ - 8,447

  18. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 16ක් මාලිමාවට

    2024 මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 16ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    සමගි ජනබලවේගය ආසන 3ක් හිමි කර ගත්තා.

  19. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය : ජාතික ජන බලවේගය

    1. ටී.බී. සරත් - 105,137

    2. ජගත් වික්‍රමරත්න - 51,391

    3. සුනිල් රත්නසිරි - 51,077

    4. පත්මසිරි බණ්ඩාර - 45, 096

    සමගි ජන බලවේගය

    1. කිංස් නෙල්සන් - 28,682

  20. ඉලංගෙයි තමිල් අරුස කච්චි මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 3ක් දිනා ගනී

    2024 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ප්‍රතිඵලය මේවන විට නිකුත් කර අවසන්.

    ඒ අනුව ඉලංගෙයි තමිල් අරුස කච්චි මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසන 3ක් ජයග්‍රහණය කර තිබෙනවා.

    ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් ආසනය බැගින් හිමි කර ගෙන තිබේ.