
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 5 වන දා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
අග්‍රාමාත්‍ය මෝදිගේ සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද හුවමාරු කර ගැනීමට නියමිත යි.
ඒ අනුව, ඉදිරි දිනවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය සහයෝගීතාව, ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳ ගිවිසුම්වලට සහ බලශක්ති සහයෝගීතාවට අදාළ ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට නියමිත ය.
එමෙන් ම, දෙරට අතර දැනටමත් අත්සන් කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමට නියමිත යි.
ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරනු ලබනවා.
සාම්පූර්හි ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොළඹ සිට ඔන්ලයින් ඔස්සේ එක් වෙනවා.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ කටයුතු ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක් වෙනවා.