ඉරාන නෞකාවේ සිටි පිරිසට මානුෂීය ආධාර ලබාදීම සිය වගකීමක් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්ගෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (SAR) මත පදනම්ව මෙවැනි මුදා ගැනීම් කටයුතු සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි.
"ලංකාව වගේ 27 ගුණයක විශාල ප්‍රමාණයක් දක්වා ලංකාවට සෙවීම් සහ මුදාගැනීම් සඳහා වගකීම තියෙනවා" මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙහි නෛතික භාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථිකාචාර්ය, නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මීට පෙර අපට පැහැදිලි කිරීමක් කළා.
"ඉරානය සමග ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යුද්ධයකට අවතීර්ණය තිබෙනවා. 1949 ජිනීවා සම්මුතීන්හි පොදු දෙවන ව්‍යවස්ථාව අනුව මෙම සන්නද්ධ ගැටුම රාජ්‍ය පාර්ශවයන් අතර හටගත් අන්තර්ජාතික සන්නද්ධ ගැටුමක්"
"අන්තර්ජාතික මානුෂවාදී නීතිය හෙවත් අන්තර්ජාතික යුධ නීතිය අනුව, අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී එම සන්නද්ධ ගැටුමට පාර්ශවකාරී නොවන රාජ්‍යයන් වෙත පවා රාජ්‍ය වගකීම් නිර්මාණය වන අවස්ථා අපට හඳුනාගත හැකි වෙනවා. ශ්‍රී ලංකාව ද දැන් මුහුණ දී සිටින්නේ එවැනි තත්ත්වයකට." ඔහු පැවසුවා.
"1949 ජිනීවා සම්මුතින්ගේ දෙවන සම්මුතිය අනුව නාවුක යාත්‍රාවක් නැව්බත්වීමෙන් පසු අනතුරට පත් සටන්කාමී පාර්ශවයන්ට අයත් නාවුක පිරිස් වෙත මානුෂවාදී ලෙස සැලකීම අදාළ පාර්ශවයන් වෙත පවතින නෛතික වගකීමක්. ශ්‍රී ලංකාව ද ජිනීවා සම්මුතින් වෙත රාජ්‍ය පාර්ශවකාරීත්වය දරන බැවින් එම වගකීම අත්හළ නොහැකි වෙනවා." ඔහු කියා සිටියා.
තවද 1949 තුන්වන ජිනීවා සම්මුතියේ 4(ආ) 2 ව්‍යවස්ථාව අනුව, සටන්කාමී පාර්ශවයක (belligerent party) පිරිස් සටනට පාර්ශවකාරී නොවන පර්ශවයක් (non-belligerent power) වෙත පැමිණියහොත් අන්තර්ජාතික නීතිය අනුව ඔවුන් අගති විරහිතව රැකබලාගැනීම එම සටනට පාර්ශවකාරී නොවන රාජ්‍යය සතු රාජ්‍යය වගකීමකි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට වෙනත් කිසිඳු පාර්ශවයකට අවකාශයක් හිමි නොවන බව ද ඔහු කියා සිටියා.