ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආශීර්වාද මැද සිදු වූ ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දෙදෙනෙකුගේ විවාහය
ඉන්දියාවේ, පූනේ හි දී සිදු වූ ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දෙදෙනෙකුගේ විවාහය ගැන බොහෝ දෙනෙක් අවදානය යොමු කළහ.
එලෙස විවාහ වූ අනන්‍යා සවන්ත් ගුරිවරියක වන අතර විග්නේෂ් ක්‍රිෂ්ණස්වාමි විග්නේෂ් ඩුබායි හෝටලයක පිළිගැනීමේ නිලධාරියෙක් වේ.
''යම් වයසකට ආවට පස්සේ, එයා සහකරුවෙක් සහ ඇසුරක් අපේක්ෂාවෙන් සිටින බව අපට දැක ගන්න පුළුවන් වුණා. අපි දැනගෙන හිටියා එයා වැඩිලා ඉන්නේ කියලා. තමන්ගේ හැඟීම් බෙදාහදා ගන්න, එයා විශේෂ යහළුවෙක් හෝ සහකරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා. අනන්‍යා යම් ඇසුරක් අපේක්ෂාවෙන් ඉන්න බව ඇයගෙන් පළවූ ඉඟිවලින් පැහැදිලි වුණා. ඒ නිසා අපි හිතුවා එයාට සහකරුවෙක් හොයන්න ඕන කියලා.'' යනුවෙන් අනන්‍යාගේ මව වන වෛද්‍යවරියක වූ තේජාස්විතා සවන්ත් පවසන්නීය.