සෙනෙහසේ කැදැල්ලේ ගින්න: 'ගිනි ගන්නා අවස්ථාවේ සිටි 69න් 31ක් සමාජ සේවා ආයතන, පොලිසි සහ රෝහල්වලින් අපට දුන් අය'

සෙනෙහසේ කැදැල්ලේ ගින්න: 'ගිනි ගන්නා අවස්ථාවේ සිටි 69න් 31ක් සමාජ සේවා ආයතන, පොලිසි සහ රෝහල්වලින් අපට දුන් අය'
Published

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ සෙනෙහසේ කැදැල්ල නමැති රැකවරණ මධ්‍යස්ථානය ගිනි ගන්නා අවස්ථාවේදී එහි සිටි පිරිස අතරින් කිහිප දෙනෙකු දම්වැල් දමා බැඳ සිටි බැවින් ඔවුන් බේරා ගැනීමට නොහැකි වූ බව ඒ සඳහා ඉදිරිපත් වූ අය පැවසූ අතර එය සමාජයේ දැඩි සංවාදයට ද ලක් විය.

ඒත් සමග එම ආයතනයේ ප්‍රමිතිය, අරමුණු සහ රැකවරණය ලැබූ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ගැන බොහෝ විවේචන එල්ල විය.

මේ සම්බන්ධයෙන් සෙනෙහසේ කැදැල්ලේ පාලිකාව වූ ඉන්දුනී ඒකනායක සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් පී.එල්.ජී. ගීතිකා බීබීසීය වෙත අදහස් පළ කළහ.