ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියාවේ තෙල් ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ තෙල් ගබඩාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
Published
යුද්ධය ආරම්භ වූ දා සිට මොස්කව් නුවර ඉලක්ක කර ගනිමින් යුක්රේනය එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාවට රුසියාව මුහුණ දී තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, පැය 24ක් ඇතුළත ඩ්‍රෝන යානා 200ක් රුසියානු අගනුවර පිහිටි ඉලක්ක වෙත කඩා වැදී ඇති අතර, තවත් ඩ්‍රෝන යානා 1,000කට ආසන්න සංඛ්‍යාවක් සහ යුක්රේන කෲස් මිසයිල හතරක් විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ සමත්ව ඇත.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, පසුගිය සතියේ රුසියාව විසින් කියෙව් නුවරට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.