ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක් : රාජකීය ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණෙයි
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක් පිරීම නිමිත්තෙන් රාජකීය ඈන් කුමරිය අද (ජනවාරි 10) ශ්‍රී ලංකාවට පැමිණියා ය.
ඇයව පිළිගනිම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියේ ය.
රාජකීය ඈන් කුමරිය සහ අගේ සැමියා වන වයිස් අද්මිරාල් ටිමති ලෝරන්ස් ජනවාරි 13 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.
රාජකීය ඈන් රාජකීය කුමරිය, දෙවැනි එලිසබෙත් රැජිනගේ දෙවැනි දරුවා සහ එකම දියණිය යි. ඥාතීත්වය අනුව ඇය තෙවැනි චාල්ස් රජුගේ සහෝදරිය වන්නීය.
මේ සංචාරයේ දී ඇය කොළඹ, මහනුවර සහ යාපනයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.