වසර එක හමාරක සිර දඬුවමක් නියම වී සිටි චමින්ද විජේසිරි ඇප මත මුදා හැර ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Chaminda Wijesiri
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී වසර එක හමාරක සිර දඬුවමක් නියම වී සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි නියම කළේ ය.
රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත චමින්ද විජේසිරි මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් විදේශ ගමන් තහනමක් පැනවීය.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී වසර එක හමාරක සිර දඬුවමක් නියම වී සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි නියම කළේ ය.
රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත චමින්ද විජේසිරි මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් විදේශ ගමන් තහනමක් පැනවීය.
බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අයුතු ලෙස අවහිර කර පහර දී තුවාල කිරීම, මරණීය තර්ජනය කිරීම යන චෝදනාවන්ට වරදකරු වී පසුගිය ජූලි මස 28 වන දා සිර ඳඩුවමකට නියම වූ චමින්ද විජේසිරි ඇප මත මුදා හරින විට ඔහු දින 27ක කාලයක් බන්ධනාගාරය භාරයේ රඳවා සිටියේ ය.
පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වරදකරු කර වසර එක හමාරක සිර දඬුවමක් නියම කරමින් දුන් නියෝගය ඉවත දමා ඔහු නිදොස් කර නිදහස් කරන්නැයි ද එම අභියාචනය විමසා අවසන් වන තුරු තම සැමියාට ඇප නියම කරන්නැයි ද ඉල්ලා චමින්ද විජේසිරිගේ බිරිඳ වන ජේ.එම්. ශානිකා නීතිඥ මලින්ත ජයසිංහ මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා තීරණය කළේය.
චමින්ද විජේසිරිගේ බිරිඳ වන ජයවීර මුදියන්සේලාගේ ශානිකා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
2019 පෙබරවාරි 10 වන දා හෝ ඊට ආසන්න දිනයක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අයුතු අවහිර කිරීම, පහර දී තුවාල කිරීම, මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණී.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, පැමිණීලිකාර පොලිස් නිලධාරීන් ගමන් කළ පොලිස් ජීප් රථය ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම මෙම සිද්ධියට මුල් වී ඇති බව අනාවරණය විය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ගමන්ගත් රථය පසු කරගෙන යාමෙන් උරණ වූ විත්තිකරුවන් පැමිණීලිකරුවන් ගමන් කළ පොලිස් ජීප් රථය පසුකරගෙන ගොස් පොලිස් ජීප් රථයේ ගමන් මග හරස් කර නවතා විත්තිකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, පොලිස් ජීප් රථයේ සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහර දී තුවාල සිදු කර ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය.
නඩු විභාගයෙන් අනතුරුව විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව නඟා තිබූ අයුතු අවහිරය, පහර දී තුවාල කිරීම, මරණීය තර්ජනය කිරීම යන චෝදනා හතරට ඔහු වරදකරු බවත්, චමින්ද විජේසිරිගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ රසික කරුණාතිලක නමැති විත්තිකරු අයුතු අවහිරය සහ මරණීය තර්ජන කිරීම යන චෝදනා දෙකකට වරදකරු බවත් තීරණය කළ විනිසුරුවරයා චමින්ද විජේසිරිට මාස 18ක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් සහ තුවාලකරුවන්ට රුපියල් 50 000/- බැගින් රුපියල් ලක්ෂ 1 1/2ක වන්දි ගෙවීමට නියම කළ අතර වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසරක කාලයක සිරදඬුවමක් ද නියම කළේ ය.
විත්තිකාර පොලිස් නිලධාරියාට මාස 13ක සිරදඬුවම් නියම කරමින් එම දඬුවම් කාලය වසර 10ක කාලයක් සඳහා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා තුවාලකරුවන්ට රුපියල් 50 000/- බැගින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටද නියෝග කළ අතර වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසරක කාලයක සිර දඬුවමක් ද නියම කළේ ය.
චෝදනාවන්ට වරදකරු වී සිර දඬුවම් නියම වූ චමින්ද විජේසිරි පමණක් ජූලි මස 30 වන දා අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර චමින්ද විජේසිරිගේ බිරිඳ වන ජයවීර මුදියන්සේලාගේ ශානිකා අධිකරණයේ පෙනී සිටියා ය.
අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ජේ.එම්. ශානිකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මලින්ත ජයසිංහ කරුණු දක්වමින් සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරිගේ බිරිඳ වන තම සේවාදායිකාව අවුරුදු 07, 08 සහ 09 යන වයස් කාණ්ඩවල පසු වන දරු තිදෙනෙකුගේ මවක බව පැවසීය.
වයස අවුරුදු 07ක පසු වන දරුවා සිර දඬුවම් නියම වී සිටින සිය පියා ළඟින් ම සිටි දරුවා බවත් සිරගතවීම හේතුවෙන් පියා නොමැති සාංකාවෙන් දරුවා මානසික ආතතියකට පත්ව ඇති බවත් කී නීතීඥ මලින්ත ජයසිංහ, ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කිරීමට මෙන් ම අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමට ව්‍යවස්ථාදායක අයිතියක් බව පෙන්වා දුන් නීතීඥ මලින්ත ජයසිංහ ව්‍යවස්ථාදායකයේ අයිතියට අනුව තම සේවාදායකයා කළ ඉල්ලීම කෙරෙහි සානුකම්පිතව සලකා බලන්නැයි ඉල්ලා සිටියේ ය..
වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිනිති අමරසිරි කරුණු දක්වමින් විත්තිකරුට නියම කළ දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇති හෙයින් අධිකරණය සුදුසු තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටියා ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් චමින්ද විජේසිරි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා තීරණය කළේ ය.
































