වයිභාව් සූර්යවංශි: IPL වාර්තා බිඳ දමමින් 2026 සම්මාන රැසක් තමන් සතු කර ගත් 15 හැවිරිදි ක්‍රීඩකයා

15 හැවිරිදි වයිභාව් සූර්යවංශි තමන්ට හිමිවූ සම්මාන සමග...

ඡායාරූප මූලාශ්‍රය, X/Indian Premier Leage

ඡායාරූප ශීර්ෂ වැකිය, 15 හැවිරිදි වයිභාව් සූර්යවංශි තමන්ට හිමිවූ සම්මාන සමග...
Published
කියවීමේ කාලය: මිනිත්තු 5

15 හැවිරිදි ඉන්දීය පිතිකරු වයිභාව් සූර්යවංශි කෙරෙහි ලෝකයේ ම ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වී තිබේ.

ඒ, 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවෙකු වශයෙන් ප්‍රධාන සම්මාන රැසක් තමන් සතු කර ගනිමිනි.

Suryawanshi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වයිභාව් සූර්යවංශි 2026 IPL තරගාවලියේ හිමි කර ගත් සම්මාන මොනවා ද?

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ වයිභාව් සූර්යවංශි මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන සම්මාන 5ක් හිමි කර ගත්තේ ය.

  • තරගාවලියේ වැඩි ම ලකුණුලාභියා (Orange Cap) - 766
  • තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා (MVP) .
  • තරගාවලියේ සුපිරි ප්‍රහාරකයා (Super Striker of the Season)
  • තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයා (Emerging Player)
  • තරගාවලියේ වැඩි ම 6 පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු - 72
  • එක් තරගයක වැඩි ම 6 පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරු - 12

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා

2025 වසරේදී IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා බවට ඉතිහාසගත වූ වයිභාව් සූර්යවංශි 2025 අප්‍රේල් 28 වන දා ගුජරාට් ටයිට්න්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී නව වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ලකුණු 209ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි වයිභව් සූර්යවංශි ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන් හැර සියලු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය.

එම සුවිශේෂී ඉනිම පන්දු 38කදී ලකුණු 101ක් ලෙස අවසන් වන විට ඔහු වාර්තා තුනක් බිඳ හෙළා තිබිණි.

එම වාර්තා මෙසේ ය:

  • T20 තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතම පිතිකරු (අවු:14)
  • IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතකය (පන්දු 35)
  • IPL තරග ඉතිහාසයේ දෙවන වේගවත් ම ශතකය

IPL තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් රැස් කර ඇති අතර ඔහු ඒ සඳහා මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 30කි.

වයිභව් සුර්යවංශි සිය ශතකය රැස් කළේ, පන්දු 35කදී ය.

මේ අතර, IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතක වාර්තාව පිහිටුවා තිබූ යූසුෆ් පතාන් (පන්දු 37) සිය වාර්තාව බිඳ හෙළීම පිළිබඳව වයිභව් සූර්යවංශිගේ ඉනිම අගය කර තිබිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

Skip X post, 2

End of X post, 2

Skip X post, 3

End of X post, 3

Skip X post, 4

End of X post, 4

Skip X post, 5

End of X post, 5

Skip X post, 6

End of X post, 6

Skip X post, 7

End of X post, 7

මේ අතර, 2025 වසරේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වයිභව් සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. ඒ, ෂර්දුල් තාකූර් එවන ලද පන්දුවකටයි.

එහිදී, සූර්යවංශි පන්දු 20කදී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය.

සූර්යවංශි බිඳ දැමූ IPL වාර්තාව

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට වන වාර්තාව තමන් සතු කර ගැනීමට වයිභව් සූර්යවංශි සමත් විය.

ඔහු එහිදී බිඳ දැමුවේ, 2019 IPL තරගාවලියේදී RCB කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු ක්‍රීඩක ප්‍රයාස් රායි බර්මන්ගේ වාර්තාවයි.

ප්‍රයාස් රායි බර්මන් තම පළමු තරගය සඳහා ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 154ක් වූ අතර වයිභව් සූර්යවංශි සිය පළමු IPL තරගය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14යි දින 23ක් විය.

'හයේ පහරක් එල්ල කරන විට ඔහුගේ පිත්තේ දෝලනය වන වේගය, ඔහුගේ ශරීරයේ පිහිටීම ගැන ඔබලා දැකලා ඇති.'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වයිභාව් සූර්යවංශි යනු කවුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සෞදි අරාබියේ ජෙඩාහි පැවති 2025 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් බිහාර් ප්‍රාන්තය නියෝජනය කිරීමට 13 හැවිරිදි වයිභාව් සූර්යවංශි වරම් ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවති උණුසුම් ලංසු තැබීමකින් අනතුරුව වයිභාව් සූර්යවංශි ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

ඔහුගේ දක්ෂතාව පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අවධානයට යොමු වූයේ 2024 වසරේ පැවැති ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයේදී පන්දු 58කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමග ය.

සූර්යවංශි 2024 වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සංචිතයේ ද සාමාජිකයෙකු වූ අතර එහිදී ඔහු ලකුණු 176ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 44ක් ලෙස රඳවා ගනිමින් ය.

තමන් හැදී වැඩුණු නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය.

බිහාර් කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලාන තරග 5කට ක්‍රීඩා කර ඇති සූර්යවංශි එහිදී ඔහු ලකුණු 100ක් ලබාගෙන ඇති අතර රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව 41ක් වේ.

ඔහු 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 16කට ක්‍රීඩා කරමින් ලකුණු 766ක් රැස් කිරීමට සමත් විය.

බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය

' ඔහු දිනපතා ම පන්දු 600ක් ක්‍රීඩා කරනවා'

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි වයිභාව් සූර්යවංශිගේ පියාවන සංජීව් සූරීයවංශි ගොවිතැන් කටයුතුවල නිරතවන අයෙකු වන අතර ඔහු සිය ඉඩම විකුණා සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කර තිබේ.

පැට්නාහි ක්‍රිකට් පුහුණුකරු මනීෂ් ඕජා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වයිභව් සූර්යවංශි ක්‍රිකට් පුහුණුව සඳහා යොමු කරනු ලැබුවේ වයස අවුරුදු 8දී බව ය.

"අනෙක් පිතිකරුවන් දවසකට පන්දු 50කට මුහුණ දෙනවා නම් වෛභව් දිනපතා ම පුහුණුවීම්වලදී පන්දු 600කට මුහුණ දෙනවා. හයේ පහරක් එල්ල කරන විට ඔහුගේ පිත්තේ දෝලනය වන වේගය, ඔහුගේ ශරීරයේ පිහිටීම ගැන ඔබ දැකලා ඇති.

"වයිභාව් වැඩිපුර කාලයක් ක්‍රීඩා කරන නිසා ඔහුගේ පියා කෑම පාර්සල් 10ක් හදාගෙන එනවා. ඒ පුහුණු කරන කාල සීමාවේදී වයිභව්ට පන්දු යවන්න එන පන්දු යවන්නන්ටත් එක්කයි," වයිභව් සූරීයවංශිගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වන මනීෂ් ඕජා පැවසුවේ ය.