'වැස්ස අඩු වෙන්නේ දෙසැම්බර් 22න් පසුවයි' - කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

'වැස්ස අඩු වෙන්නේ දෙසැම්බර් 22න් පසුවයි' - කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
Published

මේ වන විට උතුරු පළාතේ පවතින වැසි තත්ත්වය දෙසැම්බර් 22 වැනිදායින් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේ ය.

මහා වැසි නිසා උතුරු පළාතේ මුලතිවු , කිලිනොච්චිය , වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වලටත් නගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයත් වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

අධික වර්ෂාව සමග ඇතිවු ජල ගැලීම් නිසා උතුරු පළාතේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,000කට ආසන්නය.

විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති අතර අවතැන්වූවෝ තාවකලික කඳවුරුවල රැඳී සිටිති.

උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද දිනයේත් කඩින්කඩ වර්ෂාව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.