'පට්ටි පොංගල් ගොවීන්ගේ කළු දිනයක්' : තෘණ භූමියේ අයිතිය ඉල්ලා කරන සටනට දින 124ක්
'පට්ටි පොංගල් ගොවීන්ගේ කළු දිනයක්' : තෘණ භූමියේ අයිතිය ඉල්ලා කරන සටනට දින 124ක්
Published
මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි තෘණ භූමියේ බලහත්කාරයෙන් වගා කරන ගොවීන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ කිරි ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාව අද (ජනවාරි 16) අඛණ්ඩව 124 වන දිනටත් ක්‍රියාත්මක වේ.
ඒ ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහා අද 'පට්ටි පොංගල්' ගොවීන්ගේ කළු විරෝධතා දිනයක් ලෙස ඔවුහු නම් කළහ.
මඩකලපුව නගරයේ කළ විරෝධතාවෙන් අනතුරුව ඔවුහු දිස්ත්‍රික් ලේකම්වරිය හමු වී ගැටලුවට විසඳුම් ඉල්ලා සාකච්ඡා කළහ.






