'මට මූණ බලන්න බැරිවෙන්න මූණ පොඩි කරලා තිබ්බේ'

'මට මූණ බලන්න බැරිවෙන්න මූණ පොඩි කරලා තිබ්බේ'
Published

බ්‍රහස්පතින්දා නිවසින් ගොස් යළි නොපැමිණි බන්ධනාගාර නියාමකවරයා

බුලත්සිංහල පදිංචිකරුවෙකු වූ දර්ශන තරංග, බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේ ය.

ඔහු අවසාන වරට බ්‍රහස්පතින්දා සිය නිවසේ සිට සේවයට ගොස් ඇති අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්විය.

1999.03.29 උපත ලැබූ අතුකෝරළගේ දර්ශන තරංග, දෙල්මැල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරා, බුලත්සිංහල ජාතික පාසලට ඇතුළු වී කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ.

සහෝදරයින් දෙදෙනෙකුගෙන් සහ සහෝදරියකගෙන් සමන්විත පවුලේ සිව් වැන්නා ඔහු විය.

වසර 3කට පෙර විවාහ වූ ඔහු, මාස 07ක දියණියකගේ පියෙකි.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රම බළකායේ නියාමකවරයෙකු ලෙස සේවය කළ අතර, මීගමුව ගැටුමෙන් මියයාමෙන් පසු, බන්ධනාගාර සැරයන් තනතුරට උසස් කර තිබේ.