2024 අයවැය : වැඩි ඡන්ද 41 කින් සම්මතයි
2024 අයවැය : වැඩි ඡන්ද 41 කින් සම්මතයි
Published
2024 මූල්‍ය වර්ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තෙවනවර කියවීම වැඩි ඡන්ද 41 කින් සංශෝධන සහිතව අද (දෙසැම්බර් 13) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අද පස්වරු 6.40 ට පමණ ඡන්ද විමසීම පැවැත් වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් හිමි විය. විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 81කි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අයවැයට එරෙහිව ඡන්දය ලබා දුන්නේය.
සී.වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
පාර්ලිමේන්තුව තුළ ඇති වූ ආරවුලක් නිසා මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වී ඇති ඩයනා ගමගේ මන්ත්‍රීවරියට, රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය යන මන්ත්‍රීවරුන්ට අයවැය අවසන් ඡන්ද විමසීමට පමණක් සහභාගී වීමට අවසර ලැබිණි.







