'සෙල්ලම් බඩු රෝහල': කැඩුණු සෙල්ලම් බඩු ලක්ෂයක් අලුත්වැඩියා කරයි

'සෙල්ලම් බඩු රෝහල': කැඩුණු සෙල්ලම් බඩු ලක්ෂයක් අලුත්වැඩියා කරයි
Published

විශ්‍රාමික ගුරුවරුන්, ඉංජිනේරුවන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පිරිස් එක්ව ඉවත දමන, කැඩුණු සෙල්ලම් බඩු වලට නව ජීවයක් ලබා දෙති.

'කිනිස් සෙල්ලම් සායනය' මීට වසර දහයකට පෙර දකුණු කොරියාවේ ඉන්චියොන් හි ආරම්භ කර තිබේ. ඔවුන් සෙල්ලම් බඩු 100,000 කට වඩා අලුත්වැඩියා කර ඇත. එය දරුවන්ට, දෙමාපියන්ට මෙන්ම අලුත්වැඩියාවන් සිදු කරන 'සෙල්ලම් බඩු රෝහලේ වෛද්‍යවරුන්ට ද ප්‍රීතිදායක දෙයකි.