සංක්‍රමණ විරෝධී රැල්ලෙන් බෙල්ෆාස්ට්හි නිවාස ගිනිබත් කෙරේ

වීඩියෝ ශීර්ෂ වැකිය, සංක්‍රමණ විරෝධී රැල්ලෙන් බෙල්ෆාස්ට්හි නිවාස ගිනිබත් කෙරේ
සංක්‍රමණ විරෝධී රැල්ලෙන් බෙල්ෆාස්ට්හි නිවාස ගිනිබත් කෙරේ
Published

උතුරු අයර්ලන්තයේ අගනුවර පුරා පැතිර ගිය සංක්‍රමණික-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් හේතුවෙන් බෙල්ෆාස්ට්හි නිවාස, මෝටර් රථ සහ බස් රථයක් ගිනිබත් කර ඇත. මෙහිදී පුද්ගලයන් ඉලක්ක කරගෙන ඇත්තේ 'ඔවුන්ගේ පසුබිම පදනම් කරගෙන' බව පැහැදිලි යැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් පැවසුවේය.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී ගියේ 2026 ජූනි 8 වන දින සිදු වූ අමානුෂික පිහි ඇනුමක සිදුවීමක් මුල් කරගනිමිනි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් සුඩාන ජාතිකයෙකුට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී තිබේ. ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.