ට්‍රම්ප් ඇමෙරිකා-ඉරාන ගිවිසුමට අත්සන් තබන මොහොත

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ඇමෙරිකා-ඉරාන ගිවිසුමට අත්සන් තැබූ මොහොත
ට්‍රම්ප් ඇමෙරිකා-ඉරාන ගිවිසුමට අත්සන් තබන මොහොත
Published

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා වන මූලික එකඟතාවයකට අත්සන් තබා ඇත. කරුණු 14 කින් යුත් මෙම ලේඛනයේ දැක්වෙන්නේ ඉදිරි දින 60 තුළ අවසාන ගිවිසුමකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයේ "ප්‍රතිසංස්කරණ" කටයුතු සඳහා ඩොලර් බිලියන 300 ක සැලැස්මක් සහ ඉරානයට පනවා ඇති "සියලු වර්ගවල සම්බාධක" ඇමෙරිකාව විසින් අවලංගු කිරීම ද මීට ඇතුළත් ය.