උමා ඔය ව්‍යාපෘතිය : 'වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා'
උමා ඔය ව්‍යාපෘතිය : 'වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා'
Published
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කරඳගොල්ල විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි මලිත්තගොල්ල ගම්මානය නාය යෑමට හේතුව සොයා ගැනීම සඳහා තවදුරත් පරීක්ෂණ කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන පවසයි.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මැයි 01 වැනි දා අදාල ප්‍රදේශය නිරීක්ෂණය කරන ලදී.
''අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න BBC සිංහල සේවයට පැවසුවේය.






