ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන්ගේ දෑස් පාදන දෑස් නොපෙනෙන ගුරුතුමිය
පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයේ පසු වන සෙබමාලෙයි බෙනඩික්ටා මන්නාරම ආන්ඩාන්කුලම රජයේ රෝමානු කතෝලික විද්‍යාලයේ ගුරුවරියක් වන්නීය.
වයස අවුරුදු අටේ දී දෑස් පෙනීම අහිමු වූ ඇය දරුවන්ගේ දෑස් පෑදීමට වෙහෙස වන්නීය.
''ක්‍රීඩාවේ දී කකුල් දෙකම නැති අය ඔලිම්පික් පවා යන ඉතිහාසයක් තියෙනවා. ඒ හින්දා ආබාධ තත්ත්වයන්, අඩුපාඩු ලෙස ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. දරුවන්ගේ මොන අඩුපාඩු තිබුණත් දෙමාපියන් දරුවාට අධ්‍යාපනය දීලා නව ඇසක් ලබාදීම කියන දේ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් දෙමාපියන්, ඥාතීන් ආගමික නායකයින් එකතුවෙලා කටයුතු කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.'' යනුවෙන් ඇය BBC සිංහල වෙත පැවසුවාය.