'දළඹුවෝ කනවද කියලා පාර දිගේ අහගෙන ගියා. බලන්න ආවේ නෑ'

වීඩියෝ ශීර්ෂ වැකිය, මේ වනවිට හෙක්ටයාර් 50,000ක බඩ ඉරිඟු වගා කර ඇති අතර ඉන් 10%ක ප්‍රදේශයකින් සේනා දළඹුවාගෙන් වගා හානි වාර්තා වී තිබේ.
'දළඹුවෝ කනවද කියලා පාර දිගේ අහගෙන ගියා. බලන්න ආවේ නෑ'
Published

සේනා දළඹුවා යළි ව්‍යාප්තවීම නිසා වගා බිම් විනාශ වෙමින් පවතින බව බඩ ඉරිඟු ගොවීහු පවසති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව මේ වනවිට හෙක්ටයාර් 50,000ක බඩ ඉරිඟු වගා කර ඇති අතර ඉන් 10%ක ප්‍රදේශයකින් සේනා දළඹුවාගෙන් වගා හානි වාර්තා වී තිබේ.

සේනා දළඹුවා පාලනයට විලෝපික ජීවින් 20කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ස්වභාවික ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන්නේ නම් ඩ්‍රෝන යානා යොදාගෙන රසායනික ද්‍රව්‍ය ඉසීමේ කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බව අම්පාර ප්‍රදේශය භාර, පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එන්.එස්.පී දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය.