මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, මූලය හඳුනා නොගත් වකුගඩු රෝගියෙකු 1994 දී පළමුවරට රජරට ප්‍රදේශයෙන් වාර්තා විය.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගී තත්වයෙන් පීඩා විදින මහවැලි C කලාපයේ වැසියෝ
Published

ආරම්භක අවධියේ දී රෝග ලක්ෂණ නොපෙන්වා, අවසාන අදියරේ දී රෝග ලක්ෂණ මතුවීම නිසා මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයේ භයානක බව තේරුම් ගෙන එය කල්තියා හඳුනා ගැනීමට පැවැත්වෙන සායන වෙත ජනතාව පැමිණීම වැදගත් බව දෙහිඅත්තකණ්ඩිය, වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය සිතුමිණි හේරත් පවසන්නීය.

අම්පාර දිස්ත්‍රික්කයේ මූලය හඳුනා නොගත් වකුගඩු රෝගීන් වැඩිපුරම වාර්තා වී තිබෙන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙනි.

විශේෂයෙන් මැදිවියේ පිරිමි පුද්ගයින් මේ රෝගයට ගොදුරු වීම නිසා පවුලේ ආර්ථිකය සහ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඔවුහු ගැටලු රැසකට මුහුණ දෙති.