සෞඛ්‍ය වර්ජනය: 'සේවකයෝ නෑ. වෛද්‍යවරු බෙහෙත් ලියලා ගන්න පස්සේ එන්නලු'
සෞඛ්‍ය වර්ජනය: 'සේවකයෝ නෑ. වෛද්‍යවරු බෙහෙත් ලියලා ගන්න පස්සේ එන්නලු'
Published
වෛද්‍යවරුන්ට ලබා දෙන රුපියල් 35,000 'DAT' දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (පෙබරවාරි 13වැනිදා) සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇතැයි රෝගීහු පවසති.
ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල් හැර අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ මුදල් අමාත්‍යාංශය සමග (පෙබරවාරි 12වැනිදා) පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවය.
කෙසේනමුත් පවතින මූල්‍ය තත්ත්වය තුළ මුදල් අමාත්‍යාංශය ලබා දුන් මූල්‍ය ප්‍රමාණය ගැන වෘත්තීය සමිති එකඟතාවය පළ නොකළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.







