ඇන්ජලෝ මැතිව්ස්: 'හුගක් වැරදි වුණා අපේ අතින් කණ්ඩායමක් විදියට'

ඇන්ජලෝ මැතිව්ස්: 'හුගක් වැරදි වුණා අපේ අතින් කණ්ඩායමක් විදියට'
Published

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (නොවැම්බර් 10) යළි ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ලද පරාජය ගැන අදහස් පළ කළහ.

''මම වගකීම භාර ගන්නවා. මම පැනලා යන්නේ නැහැ. මම සියලු දේවල් කතා කරන්නම්. කුමන්ත්‍රණ තිබුණ ද? කවුද මේවා වැට්ටුවේ. මට දවස් දෙකක් දෙන්න'' යනුවෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේය.

අත්‍යවශ්‍ය වේලාවන්හි දී කණ්ඩායම අතින් බොහෝ වැරදි වූ බවත්, ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වීම ගැන කණගාටු වන බවත් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.