ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටෙනිස් තරුව යළි බබළයි
ඇමරිකානු ටෙනිස් ක්‍රීඩා තරුවක් වන සෙරීනා විලියම්ස් 23 වැනි වතාවටත් 2017 වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 'ග්රෑන්ඩ් ස්ලෑම්' කිරුළ හිමිකරගත්තාය.
ඇය මෙම ජයග්‍රහණය හිමිකරගත්තේ තම සොහොයුරිය වන වීනස් විලියම්ස් පරාජයට පත්කරමිනි.
සෙරීනා මුල්වරට 'ග්රෑන්ඩ් ස්ලෑම්'කුසලානය සඳහා තරඟවැදුනේ 1998 වසරේදීය.
විලියම්ස් සොහොයුරියන් දෙදෙනා ඔවුන්ගේ වෘත්තීය ඉතිහාසය තුළ විසි හත් වතාවක් එකිනෙකා සමග තරඟ වැදී ඇත.
ග්රෑන්ඩ් ස්ලෑම් තරග අටක්ද ඒවාට ඇතුලත්වේ.
ජයග්‍රහණයෙන් පසු තම සොහොයුරිය අගයකරමින් අදහස් දැක්වූ සෙරීනා පැවසුවේ ඇය නොසිටියානම් 'ග්රෑන්ඩ් ස්ලෑම්' තරඟ 23ක් දිනාගැනීම සිහිනයක් පමණක් වනු ඇති බවය.
"මට අද මෙතැනට එන්න ලැබුණු එකම හේතුව ඇය. විලියම්ස් සහෝදරියන් කියල දෙන්නෙක් ගැන කියැවෙන්නේ නැහැ ඇය නොසිටියානම්. මාව දිරිමත් කිරීම ගැන ඔබට ස්තුතියි" යනුවෙන් ඇය පැවසුවාය.
සෙරීනා ජය ගැනීමට පෙර ඇය ගේ දක්ෂතා පිලිබඳ අදහස් දැක්වූ හිටපු ටෙනිස් ශුරියක වන, ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලි දහ අටක් දිනාගත්, මාටිනා නවරතිලොවා පැවසුවේ මෙය ජයගතහැකිනම් සෙරීනාට විම්බෙල්ඩන් තරඟාවලිය ජය ගැනීම ඉතා පහසු කරුණක් වනු ඇති බවය.
"විම්බෙල්ඩන් කියන්නෙ ඇයට ගෙදර වගේ. ඇයට නිදාගෙනත් ඒක ජයගන්න පුළුවන්.එහෙම වුනොත් ඇයට 'ග්රෑන්ඩ් ස්ලෑම්' විසි හතරක්. ඊළඟට ඇමරිකානු විවෘත තරඟ. ඒක මේ අවුරුද්දෙ. ඇයට ග්රෑන්ඩ් ස්ලෑම් වාර්තාවලින් වර්තාපොත් පුරවන්න පුළුවන්" යනුවෙන් ඇය පැවසීය..
මාටිනා විසින් සෙරීනා හඳුන්වනු ලැබුවේ වර්තමානයේ සිටින වඩාත්ම දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙසටය.