ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නුවන් කුලසේකර ඇප මත නිදහස්
කඩවතදී සිදු වූ මාරක රිය අනතුරකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත නිදහස් කෙරුණු බව පොලිසිය පවසයි.
කොළඹ නුවර මහාමාර්ගයේ රන්මුතුගල ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු සිය මෝටර් රථයේ හැප්පීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
රිය අනතුරින් 28 හැවිරිදි යතුරු පැදි ධාවකයා මරුමුවට පත්වීම සම්බන්ධයෙන් නුවන් කුලසේකර වගකිව යුතු නැතැයි මූලික පරීක්ෂණවලින් පෙනී යන බවත් පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව මහර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩකයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන මෙන් අධිකරණය නියෝග කළේය.