සොයුස් රොකටය අභ්‍යවකාශයට
Published
අජටාකාශගාමීන් කණ්ඩායමක් රැගත් රුසියානු රොකට් යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කළේය.
සොයුස් රොකට් යානය අභ්‍යවකාශ ගත වූයේ කසකස්තානයේ පිහිටි අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටයි.
රුසියානු ජාතික යූරි මලෙන්චෙන්කෝ, ඇමරිකානු ජාතික ටිම් කෝප්‍රා සහ බ්‍රිතාන්‍ය ජාතික ටිම් පීක් යන ගගනගාමීන් තිදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට නියමිත කාලය මාස හයක්.
බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිල අනුග්‍රහය යටතේ අභ්‍යවකාශය බලා පියාසර කළ පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස ටිම් පීක් ඉතිහාසයට එක් වේ.