කර්නල් ගඩාෆිගේ පුතුට මරණ දඬුවම නියම වෙයි

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
Published
ලිබියාවේ අධිකරණයක් මගින් කර්නල් ගඩාෆි ගේ පුත් සයිෆ් අල්ඉස්ලාම් සහ තවත් කිහිප දෙනෙකුට භට කණ්ඩාමක් වෙඩි තැබීම මගින් මරණ දඬුවම ලබා දීමට නියම කර තිබේ.
සයිෆ් අල්ඉස්ලාම්ට අමතරව හිටපු බුද්ධි අංශ ප්‍රධානි අබ්දුල්ල අල් සේනොයිසි සහ හිටපු අග්‍රාමාත්‍ය අල් බග්දාදී අල් මෙහෙමුදීට මරණ දඬුවම නියම වී තිබේ.
ගඩාෆි පාලනයේ ඉතා ඉහළ තනතුරු දැරූ තිස් දෙනෙකු පමණ නඩු විභාගයට ඉදිරිපත් කර තිබූ අතර මරණ දඬුවම් නොලද අනෙකුත් පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමේ සිට වසර පහක සිර දඬුවම දක්වා දඬුවම් ලබා දීමට තීන්දු කෙරිණ.
ලිබියාවේ 2011 විප්ලව සමය තුළ සිදු වූ යුධ අපරාධ සහ සාමකාමී විරෝධතා කරුවන් මර්ධනය කිරීම යන චෝදනා යටතේයි එම පුද්ගලයන්ට දඬුවම් නියම කරනු ලැබුවේ.
























