මලාලා ප්‍රහාරකයන් නිදහස් කළා - පාකිස්තාන් පොලීසිය

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
මලාලා යුසෆ්සායි , ළමා ක්‍රියාකාරිනිය ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් සිර ගත කොට සිටි බව පැවසෙන දස දෙනාගෙන් අට දෙනකු නිදහස් කොට සිටි බව පාකිස්තාන් පොලීසිය පිළිගනියි.
අප්‍රේල් මාසයේ පැවති නඩු විභාගයකදී සාක්ෂි නොමැතිකම නිසා දස දෙනාගෙන් අට දෙනකු නිදහස් කළ බවයි ස්වොත් වැලි (Swat valley) පළාතේ පොලිස් ප්‍රධානියා වන අසාද් ඛාන් (Azad Khan) පැවසුවේ.
නමුත් එම අවස්ථාවේ දී පාකිස්තාන් නිලධාරීන් පැවසුවේ සටන්කාමීන් දස දෙනාම ජීවිතාන්තය දක්වා සිර ගත කළ බවයි.
රහසි ගත ලෙස පැවැත්වූ මෙම නඩු විභාගයේ වීවෘත භාවයක් නොමැති වීම හේතුවෙන් එහි වලංගුභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් පැන නැග තිබේ.
























