මලාලා ප්‍රහාරකයින්ට යාව ජීව සිර දඬුවම්

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
ළමා අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වූ මලාලා යූසුෆ්සායිට වෙඩි තැබීමට වරදකරුවන් වූ කැරලි කරුවන් දස දෙනෙකුට පකිස්ථාන් අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.
මීට වසර තුනකට පෙර හිසට වෙඩි පහර ලද මලාලා යූසුෆ්සායි ඒ වන විට වයස අවුරුදු පහළොවේ පසු වුවාය.
ඇය තලෙයිබාන් කැරලි කරුවන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙනි.
නොබෙල් සාම ත්‍යාගය ලද ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් පසුගිය වසරේ මලාලා යූසුෆ්සායිට නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තාය.
























