මන්මෝහන් සිං අධිකරණය හමුවට

ඔහු අගමැතිවරයාව සිටි කාලයේ දී ය මෙම වංචනික ගණුදෙනුව සිදු වී ඇත්තේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු අගමැතිවරයාව සිටි කාලයේ දී ය මෙම වංචනික ගණුදෙනුව සිදු වී ඇත්තේ
Published

නීති විරෝධී ලෙස ගල් අඟුරු ආකර බෙදා දීමේ දී සිදුව ඇති දුෂණ හා වංචා සම්බන්ධ නඩු විභාගයක් සඳහා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත ඉන්දීය අධිකරණයක් විසින් දන්වා යවනු ලබා තිබේ.

බිලියන දස දහස් ගණනක වටිනාකමින් යුතු ගල් අඟුරු සහිත ආකර විශාල සංඛ්‍යාවක් වංචනික ගණුදෙනු මගින් බෙදා දීමේ සිදුවීම ඉන්දියාව තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමකි.

එසේ වංචනික ලෙස ආකර විකුණා දැමූ වකවානුවේ දී ගල් අඟුරු බල ශක්තිය පිලිබඳ ඇමතිවරයාව සිට ඇත්තේ මන්මෝහන් සිං බවයි වාර්තා වන්නේ.

එසේවුවද, එම කාලයේ දී CBI නමැති ඉන්දියාවේ ඉහළම පෙළේ පරීක්ෂණ ආයතනයක් මගින් මෙම සිදුවීම පිළිබඳ කළ පරීක්ෂණයෙන් හිටපු අගමැතිවරයාට එරෙහි කිසිදු සාක්ෂියක් හමුවී නොතිබුණි.

අධිකරණයෙන් ලැබූ කැඳවීම පිලිබඳ ව තමා විමතියට පත්වූ බව පවසන මන්මෝහන් සිං කියා ඇත්තේ තමන් කිසිදු වරදක් කර නැති බවයි.

ලබන අප්‍රියෙල් මාසයේ දී තවත් පස් දෙනෙකු සමග හිටපු අගමැතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.