අපස්මාරය නිසා මනමාල මාරුවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

උතුරු ඉන්දියාවේ මනාලියක් තමා සමග අතිනත ගැනීම පිණිස විවාහ උත්සවයට පැමිණි මනමාලයා අසනීප වීම හේතුවෙන් උත්සවයට පැමිණි අමුත්තන් අතරින් කෙනෙකු සමග විවාහ වී තිබේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ රාම්පුර් හි තරුණියක් වන ඉන්දිරා මෙසේ සිය සහ කරුවා මාරු කිරීමට තීරණය කර ඇත්තේ විවාහ චාරිත්‍රය අතර තුර දී මනමාලයා අපස්මාරය වැනි රෝගයක් හේතුවෙන් වෛද්‍යවරයා වෙත ගෙන යාම හේතුවෙන්.

මනාලයාගේ මෙම අසනීප තත්වය සම්බන්ධයෙන් කල් තියා දැනුම් නොදීම පිළිබඳ දැඩි කෝපයට පත් මනාලිය උත්සවයට අමුත්තෙකු ලෙස පැමිණ සිටි සිය මස්සිනාගෙන් තමාව විවාහ කර ගන්නා ලෙස ඉල්ලා ඇත.

ඇගේ මස්සිනා එයට එකඟ වූ බවයි පැවසෙන්නේ.