'2013දී ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගීන් නැහැ'

මැලේරියාව වැළඳුනු ඉන්දීය කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මැලේරියාව වැළඳුනු ඉන්දීය කාන්තාවක්
Published

දෙදහස් දහතුන වසරේදී ශ්‍රී ලංකාවෙන් හා ඇසබයිජාන් රාජ්‍යයෙන් මැලේරියා රෝගීන් වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ අතර මැලේරියා රෝගයෙන් ලොව පුරා මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩකින් අඩු වීම සුවිශාල ජයග්‍රහණයක් ලෙස එම සංවිධානය හඳුන්වයි.

වසර 2001 සිට 2013 දක්වා මැලේරියාවෙන් සිදු විය හැකිව තිබූ මරණ මිලියන 4.3ක් වැළැක්වීමට හැකි වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන් උප සහරා අප්‍රිකානු කලාපයේ වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ මරණ මිලියන 3.9 ක් වැළැක්වීමට හැකි වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේය.

දෙදහස් හතර වසෙර්දී මදුරු දැල් භාවිත කරන ලෝක ජනගහණය 3% ක් වුවද මේ වන විට එය 50% ක් දක්වා වර්ධනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන්.

රටවල් විශාල ප්‍රමාණයක් මේ වන විට මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ක්‍රියාවලියට එළඹ තිබේ.