චීනයේ බෝම්බ පිපිරීමකින් තිස් දෙනෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Xinhua
Published
චීනයේ ක්සින්ජියැන් පළාතේ වීදි පොලක සිදු වූ බෝම්බ පිපිරීමකින් තිස් දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලබා ඇති පිරිස අනූවක් පමණ වන බවයි වාර්තා වන්නේ.
වාහන දෙකක් මෙම වීදි පොලට කඩා වැදී ඇති අතර ඒ තුළ තිබූ පුපුරන ද්‍රව්‍ය පිටතට විසි කර තිබේ.
ඉන් එක් වාහනයක් ද පුපුරා ගොස් ඇති බව වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, MANGA
ප්‍රාදේශීය බලධාරීන් කියා සිටින්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවයි.
ක්සින්ජියැන් ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත් වන්නේ උයිඝර් මුස්ලිම් වාර්ගිකයන්.























